IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


උණ්ඩය හදවතේ ඇණී මාස දෙකක් දිවි ගෙවයි

හෘදයේ වෙඩි උණ්ඩයක් ඇණී තිබිය දී මාස දෙකක් දිවි ගෙවූ පුද්ගලයකු ඉන්දියාවේ සිටියි. බාර්ත් ශර්මා නමින් හැඳින්වෙන ඔහු උතුරු ඉන්දියානු වැසියෙකි. බැංකු කොල්ලකරුවන් පිරිසකට මැදිවීමෙන් ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇති අතර එහිදී උණ්ඩ දෙකක් සිරුරට ඇතුළු වී ඇත.

ඔහුගේ තුවාල පරික්ෂා කළ වෛද්‍යවරු දුටුවේ එක් උණ්ඩයක් ඉඟටිය ප්‍රදේශයට කා වැදී ඇති අතර අනෙක් උණ්ඩය හෘදයේ බිත්තියට මිලි මීටරයක් පමණ කා වැදී තිබෙන ආකාරයයි. ඉඟටිය අසළ තිබූ උණ්ඩය  ඉවත් කළ ද අලුත විවාහ වූ ශර්මාට ජීවිත අනතුරක් විය හැකි බැවින් හෘදයට ඇණී තිබූ උණ්ඩය ඉවත් කිරිමට වෛද්‍යවරු මැලි වූහ.

එය සැත්කමක් මගින් ඉවත් කිරීමට ඉන්දියාවේ රෝහල් ගණනාවක් මැලි විය. අවසානයේ ඊට එකඟවූයේ ගුජරාටගේ සල් රෝහල පමණි. පසුගිය දා සැත්කම සාර්ථකව අවසන් කැරිණි. උණ්ඩය එළියට ගැනීමට හැකිවිය. හෘද ශල්‍ය වෛද්‍ය අනිල් ජේන් පවසන්නේ හෘදයේ බිත්තියට කා වැදුණු උණ්ඩයක් සමඟ මාස දෙකක කාලයක් ජීවත්වීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි.

උණ්ඩය තව මිලි මීටර එකක් ඇතුළට ගියේ නම් හෘදයේ දකුණු කුටීරය පසාරුවන බවත් ඒ හේතුවෙන් ම ඔහු මියයන බවත් වෛද්‍ය මතයයි. එමෙන් ම හදවත ස්පන්දනය වන වාරයක් වාරයක් පාසා ඔහු මිය යාමේ අවදානම වැඩි වූ බව ද වෛද්‍යවරයා කියයි.

‘‘ මෙය අසාමාන්‍ය පුවතක්. ඒ වගේ ම ශර්මා වාසනාව කරපින්නාගත් අයෙක්.‘‘ යැයි වෛද්‍යවරු කියති.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශර්මා ට මේ උණ්ඩය වැදගත් වනු ඇත. ඒ ඔහු මරණයට කොතරම් ලංවී සිටියේ ද යන්න සිහිතබා ගැනීමටය. එසේ වුව ද උණඩය දැන් නඩු භාණ්ඩයකි.



අදහස් (0)

උණ්ඩය හදවතේ ඇණී මාස දෙකක් දිවි ගෙවයි

චාමර Thursday, 25 September 2014 05:45 PM

අයියෝ ඕක මොකක්ද ...මගේ හදවතට වැදිලා මන් මේ අවුරුදු දෙකක් ජීවත් වෙන්නේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 26 September 2014 03:06 AM

චාමරගේ හදවතට වැදුනේ උණ්ඩ පාරක්ද? නැත්නම් මල් හී පාරක්ද? මොනවා වුණත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. වෙදැදුරන්ට සුබ පතනවා! (නි)

:       0       0

ප්‍රිමේශිකා Friday, 26 September 2014 04:21 AM

ඔය උණ්ඩයකට වඩා ලොකු ඇණ හදවත ඇතුලටම කිඳා බැහැපු අයත් ඕන තරම් ලංකාවේ ඉන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site