අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ වැසියන්, 'කොවිඩ් 19' වයිරස වසංගතයෙන් බැටකමින්, රැකියා අහිමි වී, කුසට අහරක් නැතිව, පීඩා විඳිද්දී, එරට ඇමැතිවරුන් සඳහා සැප වාහන මිලදී ගැනීමට මුදල් වෙන් කිරීමට ජනාධිපති යොවේරී මොසවේනී පියවර ගෙන තිබේ.
උගන්ඩා පාර්ලිමේන්තුව නියෝජිතයන් 529 දෙනකුගෙන් සමන්විතය. රජයේ ඇමැතිවරුන්ට නව මෝටර් රථ මිලදී ගැනීමට මුදල් වෙන් කළ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ද ඊට බාධාවක් එල්ල නොවූ බව උගන්ඩා පුවත් සේවා වාර්තා කර තිබේ.
සැප මෝටර් රථ මිලදී ගැනීම සඳහා ලැබෙන මුදල සිලිං මිලියන 200 කි. (මෙය ඇමෙරිකන් ඩොලර් 56,500 කි) උගන්ඩාවේ මුදල් ඒකකය උගන්ඩා සිලිං ය.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, උගන්ඩා අමාත්‍යවරයකුගේ මාසික වැටුප සිලිං මිලියන 30 කි. මෙය ඇමෙරිකන් ඩොලර් 8,000 ක් පමණය. උගන්ඩාවේ සාමාන්‍ය කම්කරුවකුගේ මාසික වැටුව ඇමෙරිකන් ඩොලර් 28 ක් බවත්, ගුරුවරයකුගේ වැටුප ඇමෙරිකන් ඩොලර් 75 ක් බවත් අල් ජසීරා පුවත් සේවය පෙන්වා දී තිබේ.
මිලියන 45 ක ජනගහනයක් වෙසෙන උගන්ඩාවේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 91,710 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 2,496 ක් ලෙසිනි. උගන්ඩා වැසියන්ට රජය එන්නත් ලබා දීම සිදු කළත් එන්නත් ලබා දී ඇත්තේ මිලියනයකට පමණක් යැයි පැවැසෙයි.
'කොවිඩ් 19' ආසාදිතයන් වැඩිවීමත් සමඟ උගන්ඩා ජනාධිපති යොවේරී මොසවේනී, පාසල් අවන්හල් සහ දේවස්ථාන ආදිය වසා දැමීම කළේ පසුගිය ජූනි 18 වැනිදාය. සංචරණ සීමා පනවා ඇති අතර එයින් ද ජනතාව තවත් අසීරුතාවට පත්වී සිටින බව උගන්ඩාවේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැහැදිලි කර තිබේ.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උගන්ඩා ඇමැතිවරුන්ට සැප වාහන
ලක්සිත. පැරිසියේ Sunday, 25 July 2021 07:28 PM
අනේ අපේ අයට අරන් දෙන්න . පවී අපේ අය .යයිද දන්නේ නැහැ එහේ…