IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උගන්ඩාවේ බස් අනතුරකින් 19 ක් මරු‍ට

උගන්ඩාවේ නැගෙනහිර පළාතේ සිදු වූ බස් අනතුරකින්  රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයින් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
 
රියදුරුගේ පාලනයෙන් තොරවූ බස් රථය ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී ඇත. 
 
ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක කාර්ය මණ්ඩලය වාර්ෂික සාදයකට සහභාගීවීමට යමින් සිටියදී  මෙය සිදු වී ඇති බව පොලිසිය පවසයි.
 
උගන්ඩාවේ අනතුරුදායක රිය පැදවීම් නිසා නිතර අනතුරු ඇති වන අතර  මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල තත්ත්වයක් ඇති රටකි.
 
ප්‍රවාහන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන අනුව  2015 සිට 2017 දක්වා උගන්ඩාවේ සිදුවූ අනතුරු වලින්  මිනිසුන් 9,500 අධික පිරිසක් මියගොස්  ඇති අතර එය සෑම වසරකම  නරක තත්ත්වයට පත්වෙමින් පවතින බව වාර්තා වේ . 
 
පසුගිය අවුරුද්දේ මාර්ග අනතුරු වලින් දිනකට මිනිසුන් 10ක් මියගොස් ඇති බව  එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි වී ඇත.
 
උගන්ඩාව මාර්ග අනතුරු සඳහා  ඩොලර් බිලියන 1.2 ක මුදලක් වියදම් කරන අතර එය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක අගයකි. 
 
(63226)   



අදහස් (0)

උගන්ඩාවේ බස් අනතුරකින් 19 ක් මරු‍ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site