IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායල අගමැතිට එරෙහි නඩුව යළිත් ඇරැඹෙයි

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට එරෙහි නඩු විභාගය යළි ආරම්භ වීමට නියමිතය.

වසර කීපයක් තිස්සේ පවතින මෙම නඩු විභාගය පසුගිය කාලයේ තාවකාලිකව නවත්වා දැමීමට නීතිපතිවරයා නියෝග කර තිබුණේ තිබුණේ ඊශ්‍රායල හමාස් ගැටුම මුල්කොට ගනිමින් හදිසි තත්ත්වයක් පැවැති නිසාය.

කෙසේ නමුත් දැන් ජෙරුසලම අධිකරණයක්, අග්‍රාමාත්‍යවරයාට එල්ල වන එම දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගය පැවැත්වීමට සුදානම් බය ඊශ්‍රායල මාධ්‍ය පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය බලතල අයුතු ලෙස භාවිතයට ගනිමින්, වංචා සහ අල්ලස් චෝදනා එල්ල වී ඇත. ඊට අමතරව, අග්‍රාමාත්‍යවරයා ලෙස විශ්වාසය කඩ කළ බවට ද චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනා ගොනු කිරීම සිදුවූයේ 2019 වසරේදීය. අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පමණක් නොව, ඔහුගේ බිරිඳ සාරාට ද චෝදනා එල්ල වී ඇත.

ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ නෙදන්යාහුය. තමන්ටත් තම බිරිඳටත් එල්ල වන චෝදනා සියල්ල නෙදන්යාහු ප්‍රතික්ෂේප කර තිබේ.



අදහස් (0)

ඊශ්‍රායල අගමැතිට එරෙහි නඩුව යළිත් ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site