IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඊශ්‍රායල හමාස් යුද්ධය මාස ගණනක් දිග්ගැස්සේවි

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධය දැන්ම අවසන් නොවනු ඇති බවත්, එය තවත් මාස ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී හෙරිස් හැලේවි පවසයි.

හමාස් සන්කාමීන් සහ ඊශ්‍රායලය අතරේ පවතින අර්බුදයට, මැජික් විසඳුමක් නොමැති බව ද ඊශ්‍රායල හමුදා ප්‍රධානියා අවධාරණය කර තිබේ. ඊශ්‍රායල හමුදා ප්‍රධානියා මෙසේ අවධාරණය කළේ මාධ්‍ය හමුවක් අතරතුරේ, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

අද වනවිට ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දීම ආරම්භ කර සති 11 කට වඩා වැඩි කාලයක් ගතවී තිබේ. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 20,915 ක් මියගොස් ඇතැයි පැවැසෙයි. තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 54,918 කි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඊශ්‍රායල හමාස් යුද්ධය මාස ගණනක් දිග්ගැස්සේවි

chinthaka Wednesday, 27 December 2023 05:16 PM

දැන් අරම්භ වෙලා තියෙන්නේ නොනවතින සටනක්... මේ සටනේ අවසානය මුළු ලෝකයම ඉස්රායලයට විරුද්ධ වීමයි. ඒ යුදෙව්වන්ගේ අවසානයයි. මේ බව බයිබලයේත්, කුරානයේත් සඳහන්වෙලා තියෙනවා , එපමණක් නොව තමන්ව විනාශකිරීමට ජේසුතුමන් නැවත මේ ලෝකයට පැමිණෙන බව යුදෙව්වන් දන්නවා. එනිසා තමයි ඔවුන් ජේසුතුමන් පැමිණෙයි කියා සිතන ස්ථානය වටා ආරක්ෂා කරන්නේ... ඔබ ඊශ්‍රායලයට ගියොත් ඒ ස්ථානය බලන්න පුළුවනි, විශාල මිනිසුන් කිහිප දෙනෙක් පොලු තියාගෙන බලාගෙන ඉන්න ආකාරය...!

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site