IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඊශ්‍රායල අගමැති එරට සුබසාධන ඇමැති ලෙස තමාවම පත්කරගෙන

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තමාම එරට සුබසාධන අමාත්‍යවරයා ලෙස පත්කරගෙන ඇතැයි රජයේ නිලධාරියෙක් එරට පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

අයුතු ලෙස ලාභ ලැබීම සහ අල්ලස් චෝදනා නිසා ඊශ්‍රායලයේ හිටපු සුබසාධන අමාත්‍ය හයිම් කාට්ස් පසුගිය සතියේදී එම ධුරයෙන් ඉල්ලා අස්විය.

ලිකුඞ් පක්ෂයේ වෙනත් අයකු අමාත්‍යධුරයට නම් නොකර තමාම එම ධුරයට පත්කරගැනීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පියවර ගෙන ඇත. ඒ අනුව ඊශ්‍රායල අමාත්‍ය නෙදන්යාහු මේ වනවිට ආරක්ෂක, සෞඛ්‍ය, සුබසාධන සහ ඩයස්පෝරා යන අමාත්‍ය ධුර හතරම හොබවයි.

මීට පෙර අගමැති නෙදන්යාහු එරට විදේශ අමාත්‍ය ධුරය ද හෙබ වූ අතර පසුව එම තනතුරට ඊශ්‍රායල් කාට්ස් පත් කරන ලදි. අගමැතිවරයා හොබවන අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදී ඊශ්‍රායල ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. ඒ හේතුවෙන් අගමැති නෙදන්යාහු විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් විය.

ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්

055



අදහස් (0)

ඊශ්‍රායල අගමැති එරට සුබසාධන ඇමැති ලෙස තමාවම පත්කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site