IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඊජිප්තු අන්තර්වාර ජනපතිගේ ව්‍යවස්ථා ආඥාවට විරෝධයක්

ඊජිප්තු අන්තර්වාර ජනපති අඞ්ලි මන්සූර් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා ආඥාව තමන් ප‍්‍රතික්ෂේප කරන බව එරට ප‍්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ ඊයේ (10) ප‍්‍රකාශ කළේය.

හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු අන්තර්වාර ජනපති ලෙස බලයට පත් වූ අඞ්ලි මන්සූර් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ය. ඔහු ඊජිප්තු ජනපති ලෙස දිවුරුම් දුන්නේ ඉකුත් සිව් වැනිදාය.

ඊජිප්තු සමූහාණ්ඩුවේ පවතින පාලනය ආරක්ෂා කිරීමටත්, ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරමින් ජනතාවගේ යහපතට මුල් තැන දෙන බවටත් දිවුරුම් දෙමින් අඞ්ලි මන්සූර් කියා සිටියේය.

ඔහු නව ව්‍යවස්ථා ආඥාව ඉදිරිපත් කළේ පෙරේදා (9) ය. එම අවස්ථාවේ ‘ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ’ කියා සිටියේ මන්සූර් එම නව ආඥාව සකස් කර ඇත්තේ තම අනුදැනුමකින් තොරව කියාය.

එම නව ආඥාවේ සඳහන් අන්දමට, ඉදිරි මාස 6 ඇතුළත ජනපතිවරණයක් ද පැවැත්වීමට නියමිතව ඇත.

මොර්සි බලයෙන් නෙරපා දැමීමට විරෝධතා සංවිධානය කළ විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය ද එම ආඥාවට විරෝධය පළ කර ඇත.
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවුණේ ඉකුත් 3 වැනිදාය. වසරක කාලයක් ජනපති ධුරයේ කටයුතු කළ මොර්සි බලයෙන් නෙරපා දැමුණු අතර ඔහු සහ ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු 300 ක් දෙනා අත්අඩංගුවට ගැණින.

ජනපති මොර්සි රඳවා තැබෙන්නේ කයිරෝ නුවර හමුදා මූලස්ථානයේය. එම හමුදා මූලස්ථානය ඉදිරියේ ඉකුත් 7 වැනිදා සවස මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර දරුණු ගැටුම් හටගත්තේය.

එම අවස්ථාව්දී 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 435 දෙනෙක් තුවාල ලැබූහ. මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය චෝදනා කරන්නේ හමුදා සෙබළුන් මොර්සිගේ ආධාකරුවන් සොයමින්, ඔවුන්ට වෙඩි තැබූ බවය.

අන්තර්වාර ජනාධිපති මස්සූර්

 

ජාතික ගැලවීමේ පෙරමුණේ ආධාරකරුවෝ

 



අදහස් (0)

ඊජිප්තු අන්තර්වාර ජනපතිගේ ව්‍යවස්ථා ආඥාවට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site