ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානනයට අයත් සටන්කාමීන් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය පළ කරමින් සිරියානු අර්බුදයට සම්බන්ධවීම ගැන විරෝධය පළ කරමින් සිරියාව සමඟ පවතින රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා අත්හිටුවීමට ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ඊයේ (16) තීරණය කළේය.
සිරියාවේ ඩමැස්කස් නුවර පිහිටි ඊජිප්තු තානාපති කාර්යාලය වසා දමන බවත් තානාපති නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය යළි ගෙන්වා ගන්නා බවත් මොර්සි පවසා ඇත.
සිරියා රජයේ හමුදා, හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව මේ වනවිට කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඇලෙප්පෝ නමැති නගරය මුදා ගැනීමේ මෙහෙයුම්වල නියැළී සිටී.
2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මියගිය ගණන මේ වනවිට 93,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව කියා සිටියේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ නවතම වාර්තාව එළිදක්වමිනි. එම වාර්තාවේ දැක්වෙන අන්දමට වයස අවුරුදු 10 ට අඩු ළමයින් 1,729 දෙනකු මියගිය පිරිස අතර බව එම වාර්තාවේ දැක්වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊජිප්තුව සිරියා සබඳතා නවතී
ලසන්ත Monday, 17 June 2013 10:11 AM
ඉතා හොද තිරනයක්... (නි)