IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තුවේ ජනපති මමයි: මොර්සි අධිකරණයට කියයි

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපති මොහොමඞ් මොර්සි පෙරේදා (4) කයිරෝ අගනුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, කියා සිටියේ තමන් තවමත් ඊජිප්තුවේ නීත්‍යාණුකූල ජනපතිවරයා බවය.

නඩු විභාගය පැවැත්වුණේ, ජනපති මොර්සි බලයේ සිටිද්දී, විපක්ෂ කි‍්‍රයාකාරීන් පස් දෙනකු වද බන්ධනයට ලක් කර මරා දැමීමට අණ කළේ යැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙනි.

මොර්සි, එම විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිස මරා දැමීමට අණ දී ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 5 වැනිදාය. පිරිස වධබන්ධනයට ලක් කර මරා දැමුණේ ද කයිරෝ නුවර ජනපති මන්දිරය ඉදිරිපිටදීය.

තමාට එල්ල වී ඇති චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් මොර්සි පවසා ඇත්තේ, වත්මන් අන්තර්වාර රජයේ පාලකයන්ට සහ හමුදා නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට අධිකරණය පියවර ගත යුතු බවය.

මොර්සි අධිකරණයට යොමු කළ අවස්ථාවේදී ඔහුගේ නිදහස් සහ යුක්තිය පක්ෂයේ ආධාරකරුවන් කයිරෝ නුවර විරෝධතා රැුලි පැවැත් වූහ. විරෝධතාකරුවන් එක හඬින් කියා සිටියේ, මොර්සි වහා නිදහස් කළ යුතුය කියාය.

නඩු විභාගය ආරම්භ වීමත් සමඟ කයිරෝ නුවර ආරක්ෂාව තර කෙරුණි. ඊජිප්තු අන්තර්වාර රජය, ආරක්ෂක අංශ සාමාජිකයන් 25,000 ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබුණි. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර දරුණු ගැටුම් හට ගැණින.


 

ආරක්‍ෂක රැකවල් මැද මොර්සි අධිකරණය හමුවට...
 
මොර්සිගේ ආධාරකරුවෝ පොලිස් අත්අඩංගුවට.

 



අදහස් (0)

ඊජිප්තුවේ ජනපති මමයි: මොර්සි අධිකරණයට කියයි

දුමිදු Thursday, 07 November 2013 03:48 PM

සෙනරත් කතාව හරි මමත් එහේ හිටියා (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 06 November 2013 07:48 PM

ප්‍රජාතන්ත්‍රවාදය කොතනද මොර්සි එතනයි.මොර්සි කොතනද ප්‍රජාතන්ත්‍රවාදය එතනයි. ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

ඉම්රාන් Thursday, 07 November 2013 06:07 PM

ඉතින් සෙනරත්ට හෝ දුමිදුට කව්ද ඊජිප්තුවට වැඩට යන්න කිව්වේ? යන්නේ තමුන්ට හරි යමක් හම්බ කර ගන්න මිසක් වෙන මොකටවත් නෙමෙයිනේ. (නි)

:       0       0

කුමාර් Wednesday, 06 November 2013 01:28 PM

මොර්සි, මේ තව ඉස්ලාම් අන්තවාදීයෙක්. (ස)

:       0       0

සෙනරත් Wednesday, 06 November 2013 02:57 PM

අම්මෝ මේ රටේ මිනිස්සු අමු පිස්සෝ. මෙයාල එක්ක වැඩ කල නිසා දන්නවා. (ස)

:       0       0

මධු Wednesday, 06 November 2013 03:24 PM

සදාම් හුසෙන් කීවෙත් ඕකම තමා. (ස)

:       0       0

කමල් Thursday, 07 November 2013 03:20 PM

රුවන්, මොකක්ද ලංකාව වාගේ වෙලා කියන්නේ? පැහැදිලි මදි. ආශ්චර්යමත් දෙයක් සිදුවෙලාද? (නි)

:       0       0

රුවන් Thursday, 07 November 2013 01:43 AM

අනේ අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදය? මම ඉන්නේ ඊජිප්තුවේ. ඉස්සර මේ රට ගොඩක් ලස්සනට තිබුණා. දැන් ලංකාව වගේ වෙලා (නි)

:       0       0

රුවන් Thursday, 07 November 2013 01:43 AM

අනේ මුරුසි දන්න ප්‍රජාතන්ත්‍රවාදය. මමත් ඉන්නේ දැන් ඊජිප්තුවේ. මම ඉන්නකොට හේ රට ගොඩක් ලස්සනට තිබුනා. දැන් අපේ ලංකාව වගේ විනාශ වෙලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 16 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site