ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ආරක්ෂක අංශ ගමන්ගත් ලොරි රථ පෙළකට අයි එස් ත්‍රස්තවාදීන් විසින් කරන ලද පහරදීමකදී පොලිස් භටයින් 18 දෙනකු පමණ මියගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මාර්ගය දෙපස අටවා තිබූ බෝම්බ පුපුරුවා හැරීමෙන් සන්නද්ධ රථ හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ බෝම්බ පිපිරවීමෙන් පසු වෙඩිතැබීම් ද සිදුකර ඇති නිසා මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. සන්නද්ධ රථ පෙළ ගමන්ගත් මාර්ගය අවහිර කරමින් රථයක් ධාවනය කිරීමට සලස්වා ඉන්පසුව බෝම්බ පුපුරුවා හැර ඇති බව පැවසේ.
මෙම සිද්ධිය වීමට දිනකට පෙර ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද වැටලීමකදී ත්‍රස්තවාදීන් 10ක් මරා දැමූ බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තා කර ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2369
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තුවේ අයි එස් ප්‍රහාරයකින් පොලිසියේ 18ක් මරුට
kumar (galf) Tuesday, 12 September 2017 08:41 AM
ලංකාව ඇතුළු මුළු ආසියාවේම මෙයාලා මේ වැඩ පටන් ගනීවි, දැනටම පිලිපීනයේ තාය්ලන්තයේ මියන්මාරයේ වැඩ අරඹලා.
upali Tuesday, 12 September 2017 11:53 AM
kumar (galf), බලාගෙන ඔය කතා ජාතිවාදීයි.