ශී‍්‍ර ලංකාවේ සිට ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන අනවසර සංක‍්‍රමණිකයින්ගේ සැළකිය යුතු අඩුවීමක් දක්නට තිබෙන බව දිවයිනට පැමිණ සිටින ඕස්ටේ‍්‍රලියා ආගමන විගමන හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටන් පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ පිළීබඳ අදහස් දැක්වූ ඔහු ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු පෙරළියක් සිදුවූ නිසා මෙවැනි වාතාවරණයක් ඇතිව තිබෙන්නේ යැයි අදහසක් ඕස්ටේ‍්‍රලියාවේ නොමැති බවද කීවේය.
ශී‍්‍ර ලංකාවේ වත්මන් අගමැතිවරයා හා අමාත්‍යවරුන් ඉතාම උණුසුම් අන්දමින් තමන්ව පිළිගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2008 - 2013 කාල වකවානුවේදී පමණක් ජාවාරම්කරුවන්ගේ නොයෙකුත් ගැටවලට හසුව ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමට පැමිණි 1200 දෙනෙක් පමණ ඔවුන් පැමිණි යාත‍්‍රා ආපදාවට ලක්වීම නිසා අකාලයේ මුහුදේ ගිළි මියගොස් තිබෙන බවද ඔහු පැවසීය. මේ නිසා මෙවන් ව්‍යසනයන් වැළැක්වීමට දැඩි පියවර ගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
අනවසර සංක‍්‍රමණිකයින්ගේ ගැටලූව විසදීමට අත්වැල් බැඳගෙන සිටින්නා සේම ඉදිරියේදී වෙළද,ආයෝජන,සංචාරක,හා අධ්‍යාපනික ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන්ද ශී‍්‍රලංකාව හා නව සබදතා ඇතිකර ගැනීමට ඕස්ටේ‍්‍රලියාව අපේක්ෂාවෙන් සිටින බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසුරු සොයා ගිය 1200 ක් මැරිලා
දුමින්ද Thursday, 07 May 2015 07:28 AM
ලංකාවේ නාවික හමුදාවේ මුර වැට තමා හේතුව (බ)
සඳුනි Friday, 08 May 2015 09:59 PM
ඕස්ට්‍රේලියාව බෝට්ටු ආපසු හරවා යැවීම තමයි නියම හේතුව.(නදී)
ලංකා තිලක් Thursday, 07 May 2015 11:38 AM
දුමින්ද මහත්තයෝ,නොදන්නා දේවල් නොකියා ඉන්නවද? බෝට්ටු ඕස්ට්‍රේලියාවට ඒම නැවැත්තුවේ ඕස්ට්‍රේලියාවේ නාවික හමුදාව.ඔවුන් කළේ ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට බෝට්ටු ඇතුළත්වීමට ඉඩනොදී බෝට්ටු ආපසු හරවා යැවීමයි. (නි)