සරණ පතා ජෙඩා නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටින ගෘහසේවිකාවන් 35 දෙනෙක් නැවත දිවයින බලා පිටත් කර එවීමට කටයුතු කෙරෙමින් තිබෙන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
මෙම ගෘහසේවිකාවන් තමන්ට ගෙවන මුදලේ මදි කම,ගෙහිමියන් හරිහැටි නොසැළකීම ආදී කරුණු ගෙනහැර දක්වමින් තමන් සේවයේ නියුතුව සිටි ස්ථානයෙන් පැනවිත් තිබෙන්නවුන් බව සදහන්ය.
සේවය අතහැර පැමිණෙන සේවිකාවන් අමුත්තක් නොවන බව පවසන තානාපති කාර්යාල ආරංචි මාර්ග බොහෝ අවස්ථාවන්හිදී ඔවුන්ගේ හාම්පුතුන් හා සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ව නැවත සේවයට අනුයුක්ත කෙරෙන බව කියයි. එසේ කළ නොහැකිම අවස්ථාවකදී යළිත් ශී‍්‍ර ලංකාවට පිටත් කර එවනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැති බව එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මෙම ගෘහසේවිකාවන් 35 දෙනා දිවයින වෙත පිටත් කර එවනු ඇත. ඔවුන් සදහා ගුවන්වියදම් දරන්නේ රජයයි.
ශී‍්‍රලංකාවෙන් ගෘහසේවිකාවක් ගෙන්වාගැනීම සදහා එක් ගෘහමුූලිකයෙක් සෞදි රියාල් 20000 - 30000 අතර මුදලක් දරන බව පැවසේ.එලෙස ගෙන්වාගන්නා සේවිකාවකට වේතනය ලෙස ලැබෙන්නේ සෞදි රියාල් 900 ක වැනි මුදලකි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසුරු අහිමිවූ 35ක් ගමරට එති
රජින්ද Sunday, 28 December 2014 10:46 AM
මෙහෙම එන කට්ටියට වෙන්න ඇති අර පහුගිය දවස් වල ජනපති තුමාට ජන්දය දාන්න එනවයි කියපු "රට විරුවෝ" කියල කිව්වේ. (බ)
රාජා Sunday, 28 December 2014 11:21 AM
සෞදි අරාබිය,කුවේට් කියන රටවල් දෙකේම මම සිටි නිසා මම මේ රටවල් ගැන හොඳින් දනිමි (නි)