තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් එරට මාධ්‍ය පවසයි.
තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වර බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ වී ඇති අතර, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවැසුවේ, එය ත්‍රස්ත ක්‍රියාවක් බවය.
බෝම්බය පුපුරා ගියේ ඉස්තාන්බුල් නුවර, බෙයොග්ලූ දිස්ත්‍රික්කයේ පිහිටි ඉස්තිකාල් වීදියේය. ඉස්තාන්බුල් යනු තුර්කියේ විශාලතම නගරයයි. මෙය සංචාරක ආකර්ශනයකි.
තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ මාධ්‍ය හමුවේ කියා සිටියේ බෝම්බය ඉස්තිකාල් වීදියේ දමා ගිය තැනැත්තා අත්අඩංගුවට ගත් බවය. එම තැනැත්තා සම්බන්ධයෙන් ඔහු වැඩි විස්තර අනාවරණය කර නැත.
මේ අතර, බෝම්බය දමා ගියේ යැයි සැක කෙරෙන තරුණියක ගැන තුර්කි ආරක්ෂක අංශ විමසිල්ලෙන් පසුවන බව ද දැනගන්න ලැබේ. එම තරුණිය වීදියේ සැරිසරන ආකාරය ඇතුළත් සීසීටීවී ආරක්ෂක කැමරා දසුන් මේ වනවිට අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ සෘජුව චෝදනා නගා ඇත්තේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය පසුපස කුර්දිස්තාන කම්කරු පක්ෂ සන්නද්ධ බෙදුම්වාදීන් සිටින බවත්ය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉස්තාන්බුල් නුවර බෝම්බ පිපිරුමක්