IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉලක්ක වේඩික්කරු රවටයි

ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ කුරුමාණම මග හරිමින් තම මිතුරියක බේරාගෙන තමන්ද දිවි ගලවා ගන්නා වීර දරුවෙකු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.

විනාශ වී ගිය මෝටර් රථයක් පසුපසින් සැගවී සිටින කිසිවෙකුට හෝ අඬගසමින් බවක් පෙනෙන දරුවා ස්නයිපර් වෙඩි උණ්ඩ එල්ල වන්නට ගත් විට එහෙ මෙහෙ දුවමින් ඒවායින් බේරෙන්නට උත්සාහ ගන්නා අයුරු එහි සටහන්ව ඇත.

එක්වරම පපුව අල්ලා ගන්නා ඔහු බිම පතිත වේ.

ඔහු මියගොස් නැත.තමන් මියගොස් ඇතැයි තුවක්කුකරු රවටන ඔහු මෝටර් රථය ආසන්නයටම ළං වේ.

එවිටම මෝටර් රථයෙන් මෑත් වන කුඩා දැරියක් ඔහුගේ අත් අල්ලා ගනී.දිවි බේරා ගන්නැයි ඔහු සන් කළද බියපත්වී සිටින ඇය එතැනින් සෙළවීමට පවා නොහැකිව සිටින අයුරු වීඩියෝවේ පටිගතව ඇත.

තමන් රැවටුණු බව වටහා ගත් තුවක්කුකරු මෙවර දෙදෙනාම ඉලක්ක කර වෙඩි ඉල්ල කිරීමට පටන් ගනී.ඒ හමුවේ දරුවා හා දැරිය එකිනෙකාගේ අත් අල්වාගෙන විගස එතැනින් පැන දුවනු වීඩියෝවේ අවසානයට ඇත.

වීඩියෝව කොතැන්හි පටිගත කෙරී ඇත්දැයි තහවුරු කරගෙන නැතත් අවට පරිසරය සිරියාවේ යබ්රූඞ් නගරය හා සම වන බව පැවසේ.

කැරළිකරුවන්ගේ පාලනය යටතේ තිබූ යබ්රූඞ් නගරය මේ වන විට සිරියා ආරක්ෂක අංශ අත්පත් කරගෙන සිටී.එසේ නමුත් තවමත් නගරයේ තැන් තැන්හි ගැටුම් ඇතිවන බව සදහන්ය.

වීඩියෝව අන්තර්ජාලය වෙත එක්කර ඇත්තේ සිරියාවේ කි‍්‍රයාත්මක ස්වේච්ඡා සංවිධානයකි.

ව්‍යාජ ලෙස සකස් කෙරුණකැයි ඇතැමුන් චෝදනා නැගුවද විශේෂඥයින් පවසන්නේ වීඩියෝවේ අව්‍යාජ භාවය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවයි.



අදහස් (0)

ඉලක්ක වේඩික්කරු රවටයි

සමිත් Saturday, 15 November 2014 02:45 AM

එය සත්‍ය වීඩියෝ පටයකි පුංචි වීරයාට බුදු සරණයි(දිල්)

:       0       0

වොල්ටෙර් Saturday, 15 November 2014 06:53 AM

සත්‍ය ෆිල්ම් එකක් නොවේ: http://www.bbc.com/news/blogs-trending-30057401(අ)

:       0       0

අසංක Thursday, 13 November 2014 03:54 PM

මාරයි නේද? (අ)

:       0       0

මසිරිපාල Wednesday, 12 November 2014 06:07 AM

https://www.youtube.com/watch?v=Mgtbjcd9Ofk (දිල්)

:       0       0

කුමාර Sunday, 16 November 2014 08:48 AM

පළමුව සත්‍ය සොයා බලන්න, සමන් හරි, එල්.ටී.ටී.ඊ. එකෙන් මොනතරම් මේවගේ දාලා ඇත්ද .? (ර)

:       0       0

ගයන් Wednesday, 12 November 2014 08:38 AM

බොහොම ස්තූතියි මේ පුවත වෙබ් අඩවියේ දැම්මාට. ජීවිතේ පරදුවට තියලා මේ ළමයාව බේරා ගන්නවානේ බුද්ද ධර්මය කොහෙටත් සත්‍යයි. යුද ගිනි නිවී ලෝක සත්වයෝ නිදුක් වෙත්වා. (දිල්)

:       0       0

සාලිය Thursday, 13 November 2014 11:58 PM

මේ වීඩියෝ ලින්ක් එක සඳහන් කරන්න පුලුවන්ද? (නි)

:       0       0

සමන් Wednesday, 12 November 2014 05:17 PM

අපේ රටේ එල්.ටී.ටී යුද්දේ කාලේ බොරුවට රඟපාපු එකක් වෙන්න පුළුවන් (නදී)

:       0       0

නෙත්මි Friday, 14 November 2014 02:45 AM

වීඩියෝවත් නරඹන්න පුළුවන් නම් තවත් හොඳයි (නි)

:       0       0

තරිදු Saturday, 15 November 2014 03:23 PM

හිතා ගන්නත් අමාරුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site