පින්සල වෙනුවට කාචයකුත්, වර්ණ වෙනුවට හිරු එළියත්, පුවරුව වෙනුවට ලෑල්ලකුත් යොදාගෙන අපූරු සිතුවම් මවන්නෙකි පිලිපීන ජාතික ජොර්ඩන් මන්ග් ඕසන්.
සාම්ප්‍රදායික සිතුවම් ඇදීමේ කලාවෙන් බැහැර ඔහුගේ සිතුවම් නිර්මාණය කිරීමට මාස ගණන් ගතවේ. නමුත් ඒවා හා සමකළ හැකි කිසිත් නොමැත.
මුලින්ම ඇදීමට යන සිතුවම ලී පුවරුව මත දළ වශයෙන් සටහන් කරන ජොර්ඩන් අනතුරුව කාචයෙන් හිරු එළිය එම සටහන් මතට නාභිගත කරවමින් ලී පුවරුව ක්‍රමානුකූලව පුළුස්සයි. මෙයට මනා සංයමයක් මෙන්ම දක්ෂතාවක් අවැසි බව නොකිවමනාය.
පුළුස්සා අවසන්වූ පසු පුවරුව මත ඇත්තේ සිත වසඟ කරවන සිතුවමකි.
දුප්පත් කම කරපින්නාගෙන පැමිණ තිබෙන ජොර්ඩන් අද ඔහුගේ දස්කම් නිසා ඉහළට පැමිණ සිටින්නෙකි. චිත්‍ර කලාවට උපන් හපනෙක් වන ඔහු සියලූම ආකාරයේ සිතුවම් ඇඳීමේ කලාවන් ප්‍රගුණ කර ඇත්තෙකි.
නමුත් වැඩි කැමැත්ත ඇත්තේ මෙසේ පරිසරයෙන්ම සපයා ගත හැකි දේ භාවිතා කර සිතුවම් ඇඳීමට බව ඔහු කියයි.
2025 නොවැම්බර් මස 04
413
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉර එළියෙන් සිතුවම් අඳී
රූපවතී Friday, 17 October 2014 09:03 AM
වාව් ..! අදහා ගන්න බැරිව ගියා ඒ නිර්මාණය හරිම දක්ෂ නිර්මාණයක්..! ඔබට ජය ..!!! (නදී)
හියුගෝ Sunday, 19 October 2014 12:06 PM
සෑම චිත්‍රයකම සැගවුණු මුහුණු කීපයක් ඇත. ඉතා දක්ෂ කලාකරුවෙක්. "ලංකාදීප" ට තුති. (නදී)
අජිත් කරුණාරත්න Sunday, 19 October 2014 06:06 AM
හැම චිත්‍රයකම සැඟවුණු මුහුණක් තියෙනවා. හරිම විශිෂ්ඨයි. පිලිපීනයේ බොහෝ ප්‍රදේශවල අත්කම් සහ කළා නිර්මාණ කරන ගම්මාන තියෙනවා. බටපොතු, වේවැල්,පන්වර්ග ආදියෙන් සහ දැව උපයෝගී කරගෙන ලස්සන නිර්මාණ කර විකුනනවා. මිලත් අඩුයි. මම මීට අවුරුදු 15 ට විතර කලින් පිලිපීන වලින් ගෙනා එවැනි කළා නිර්මාණ අදටත් එම අයුරින්ම සුරැකිව තියෙනවා. (නදී)
මංජුල කරුණාරත්න Saturday, 18 October 2014 04:13 AM
ඉතා අගෙයි! (අ)
සමන් පෙරේරා Saturday, 18 October 2014 01:22 PM
පළමුවන පින්තුරයත් බලන්න මුහුණක් තියෙනවා (නදී)
සනී Sunday, 19 October 2014 07:25 AM
අනේ සමහර උදවිය මොහුට සුබ පතන්නේ එයා ලංකාදීප පත්තරේ කියවනවා වගේ (නදී)
කලීල් බණ්ඩාරවෙල Saturday, 18 October 2014 07:25 AM
අගයකළ යුතු නිර්මාණයක් මේ... (අ)
නාලක Saturday, 18 October 2014 07:28 AM
නියමයි.. (අ)
ඉන්දු Monday, 20 October 2014 07:15 AM
අගෙයි අගෙයි හරිම අගෙයි.(හේ)
චමින්ද Saturday, 18 October 2014 09:23 AM
4 වෙනි පින්තුරේ විශේෂත්වය බලන්න. අති විශිෂ්ඨයි. ගැහැණු කෙනෙක්ගේ මුහුණ සහ ශරීරය අැඳ තිබේ (නදී)
තරංගා Friday, 17 October 2014 06:22 AM
ඇත්තෙන්ම නියමයි, සැබෑ දක්ෂයෙක්. සුභ පතනවා.(හේ)
ටෙනිසන් Sunday, 19 October 2014 10:44 PM
මේක නම් අදහාගන්නත් අමාරුයි (නි)
නිහාල් Friday, 17 October 2014 06:44 AM
පිලිපීන ජාතිකයන් කලාවට බොහොම දක්ෂයි.(හේ)
ශාන් Friday, 17 October 2014 07:22 AM
මගේ සුබ පැතුම් , විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් , දිනෙන් දින දියුණු වේවා !(හේ)