IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉරෙන් බිත්තර බදියි

මැදපෙරදිග කලාපයේ උෂ්ණත්වය මේ දිනවල දිගෙන් දිගටම ඉහළ යාමේ නිසා මෙම රටවල වෙසෙන සියලු වැසියන් විවිධ අපහසුතාවයන්ට මුහුණ පාති. විශේෂයෙන්ම සෞදි අරාබිය , කුවේට් දේශය , බහරේන් යන රටවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගොඩනැගිලි කර්මාන්තයේ සහ අනිකුත් එළිමහන් ස්ථානවල රැකියාවන් කරන විදේශගත ශ්‍රමිකයින් අත් විඳින දුෂ්කරතාවයන් රාශියකි.

කුවේට් දේශය , සෞදි අරාබිය සහ බහරේන් මේ වනවිට උෂ්ණත්වය  සෙල්සියස් අංශක 50 සිට 55 දක්වා ඉහළ ගොස් ඇති අතර (හියුමිඩිටි) නොහොත් සාපේක්ෂ ආද්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පැවතීම නිසා එළිමහනේ ගැවසෙන සියලු දෙනා තෙතබරිත  වීම දැකගත හැකිය.

සෞදි අරාබිය සහ කුවේට් දේශයේ  මධ්‍යහන කාලයේදී අවු රස්මියෙන්  විවිධ පුද්ගලයන් විනෝදාස්වාදය සඳහා බිත්තර සහ පපඩම් බැදීමටද  පෙළඹෙමින් සිටින බව මේ දිනවල සමාජ වෙබ් අඩවි වලින් දැකගත හැකිය. අධික උෂ්ණත්වය හේතුවෙන් සෞදි අරාබි රජය විසින් මධ්‍යහන 12.00 සිට පස්වරු 3.00 දක්වා කාලයේ ගොඩනැගිලි කර්මාන්තයේ  සහ අනිකුත් එළිමහන් රැකියාවන් වල සේවකයන්  නිරත නොකරන ලෙස එම ආයතන  බලධාරීන් වෙත නියෝග පවා නිකුත් කර ඇත. අධික උෂ්ණත්වය මගින්  මිනිස් සිරුරට ඇතිවන හානි පිළිබඳව දැනුම්වත් කරමිනි.එම කාලය තුළ සේවයේ යෙදවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද බලධාරීන් පවසයි. කෙසේ වුවද මෙම අති දුෂ්කර කාලය තවත් මාස තුනකින් නිමා වනු ඇත්තේ සීත කාලය උදාවීමත් සමඟය. 



අදහස් (0)

ඉරෙන් බිත්තර බදියි

පියල් වීරසිංහ Saturday, 29 August 2015 12:39 PM

අපේ ලංකාවේ ඉන්න ඇමති ගොල්ලන්ට මාසයක් ඇවිදින් මෙහෙ වැඩ කරන්න කියන්න. එතකොට තේරෙයි අපේ රටේ වටිනාකම. මොනතරම මුදල් විනාශයක්ද අපේ රටේ කරන්නේ. අපි මෙහෙම දුක් විදින්න ඕනේ නැහැ අපේ රට හරියට තිබුනා නම් (නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 26 August 2015 10:39 AM

බිත්තර ,පපඩම් බදින්න නම් බැහැ. වෙලන්න පුලුවන්. (අ)

:       0       0

වසන්ත Tuesday, 25 August 2015 04:00 PM

අපි කියලා මොනවා කරන්නද?(හේ)

:       0       0

අනුර Saturday, 29 August 2015 03:09 PM

ලංකාව ඉතාමත්ම වාසනාවන්ත රටක් ! ලෝකයේ බොහෝ රටවල් හා සසදා බලන විට අපිට ඉතාමත් ආඩම්බර විය හැක. (නදී)

:       0       0

සොපී Saturday, 29 August 2015 06:31 PM

මේ කතාව ඇහුවම මගේ හිතත් පිච්චිලා ගියා.අපේ රටේ කී දෙනෙක් එහෙ රැකියාවල් කරනවද ? ?මෙච්චර වාසනාවන්ත රටක ඉපදිලත් අපි තාමත් දියුණු වෙන්න හිතනවා විතරයිනේ (නදී)

:       0       0

ෆර්සාන් Tuesday, 25 August 2015 09:01 PM

ලංකාව රත්තරන්. මේ රටවල් වල කොයිතරම් ධනය තිබුණත් අමු අපායවල් මාස 6ක් රස්නේ මාස 6ක් ශීතල 2ටම පණ යනවා (ම)

:       0       0

ජනිත් Wednesday, 26 August 2015 12:13 PM

මේ කතාව ඇත්ත. මේ පැත්තේ දැන් ඉන්නම බෑ.(හේ)

:       0       0

ජයතිස්ස Sunday, 30 August 2015 03:29 AM

අපි මේ විදින දුක දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණි. මම සෞදි වලට ඇවිත් අවුරුදු 13 වෙනවා. මේ වගේ රස්නයක් කවදාවත් තිබුනේ නෑ. (නදී)

:       0       0

චන්න බුවනක Thursday, 27 August 2015 04:07 PM

ප්‍රේමලාල් මහත්තයෝ බිත්තර බදින්න වත් එලියට යන්නේ කොහොමද? එළියේ ගින්දර වගේනේ. (අ)

:       0       0

අජිත් ජයවික්‍රම Wednesday, 26 August 2015 08:16 AM

අපේ රටටත් හොද ක්‍රමවේදයක් තිබුණා නම් බුද්ධිමත් නායකයන් හිටියා නම් අපි අද මොතරම් දියුනු ජාතියක්ද (අ)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Friday, 28 August 2015 09:30 AM

මම කියන දේ බොරුවක් නම් සෞදියේ දහවල් 12.00 සිට 2.30 දක්වා කාලය තුල ප්‍රයි පැන් එකක් එළියේ තියල තෙල් පොඩ්ඩක් ගාල බිත්තරයක් කලා දාල බලන්න අපි ගෙදර හදන විදිහටම බැදෙනවා ..හැබැයි ගිනි අව්ව්ව බලාගෙන . (අ)

:       0       0

මෙන්ඩිස් Wednesday, 26 August 2015 04:05 AM

අපේ මන්ත්‍රිවරු අපිට මේ දේවල් කියන්නේ නැහැ, අපි දුක් වෙයි කියලා. ඉක්මනටම මේ දේශගුණය වෙනස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 499 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site