IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරාන නායකයා පරිස්සම් විය යුතු බව ට්‍රම්ප් කියයි

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉතා පරෙස්සම් විය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය. 

සිකුරාදා යාච්ඥා මෙහෙය පවත්වමින් ඉරාන උත්තරීතර නායකයා පෙරේදා (17) ඇමෙරිකාව දැඩි ලෙස විවේචනය කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා , ඉරාන උත්තරීතර නායකයා ඔහු කියන දෑ සම්බන්ධයෙන් වඩාත් පරෙස්සම් විය යුතු යැයි කීවේය.

ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදාගනිමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ කුද්ස් විශේෂ බළකායේ ප්‍රධානී ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වීමත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර තිබෙන බල අරගලය උග්‍ර අතට හැරිණි.

ජෙනරාල් සුලෙයිමානී ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු අතර ඔහුගේ අවමංගල්‍යය අවස්ථාවේ දී ඉරාන උත්තරීතර නායකයා ද කඳුළු සැළුවේය. 
“ඉරානයේ ඔය කියන උත්තරීතර නායකයා මෑතකාලයේ නම් එතරම්ම උත්තරීතර නැහැ. ඇමෙරිකාව ගැනත් යුරෝපය ගැනත් බොහෝ නපුරා දෑ කියා තිබෙනවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

“ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. මිනිස්සු දුක් විඳිනවා. ඔහු ඔහුගේ වචන ගැන ගොඩක් පරෙස්සම් විය යුතු” යැයි ද එම ට්විටර් පණිවුඩයේ දැක්විණි. 

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ‘සිකුරාදා දේව මෙහෙයක්’ පැවැත්වූයේ වසර 8කට පසුවය. 

ඇමෙරිකානු ජනාධිපතිවරයා අරාබි බසින් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

(රොයිටර්)

055



අදහස් (1)

ඉරාන නායකයා පරිස්සම් විය යුතු බව ට්‍රම්ප් කියයි

රවින් Sunday, 19 January 2020 09:42 AM

සෙනෙට් සභාව තටු විතරක් බාගෙට කපලා මදි. හොටෙත් නිතර නිතර පීරි ගෑවා නම් වඩාත් හොඳයි වගෙයි පෙනෙන්නේ.

:       107       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site