IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරාන තෙල් ආනයනය නැවැත්වීමට ඇමෙරිකාව - ඉන්දියාව සාකච්ඡා

නවදිල්ලියේදීය (රොයිටර්)
 
ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සවිස්තර සාකච්ඡාවක් පැවැත්වූ බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 
 
ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවත්වන්නැයි ඇමෙරිකා එක්ස්ත ජනපදය, ඉන්දියාවෙන් ඉල්ලා ඇත. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය, ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම 2015’න් ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී පියවර ගත්තේය. ඉරානය සහ ලෝක බලවතුන් හය දෙනකුගේ මැදිහත් වීමෙන් අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්සන් තැබූ අවස්ථාවේදී ඉරානයට පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කළේය. එම සම්බාධක ද ඇතුළුව ඉරානයට තවත් සම්බාධක රැසක් පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේදී කටයුතු කළේය. එතැන් පටන් ආර්ථික වශයෙන් ඉරානය හුදෙකලා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගනිමින් සිටී. 
 
“ඉරානයෙන් තෙල් ආනයනය කිරීම නවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා. ඉන්දියාවෙන් පමණක් නෙමෙයි අපි අපේ සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එය අපේ සාකච්ඡාවල කොටසක් වේවි.” යැයි නිලධාරියෙක් පැවැසීය.
දෙරටේ විදෙස් සහ ආරක්ෂක ප්‍රධානීන් ඉන්දියාවේ අගනුවරදී හමු වී සාකච්ඡා පවත්වන අවස්ථාවේදී එම නිලධාරියා ඒ බව කීවේය. 
 
055



අදහස් (0)

ඉරාන තෙල් ආනයනය නැවැත්වීමට ඇමෙරිකාව - ඉන්දියාව සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site