IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉරාන තෙල් අවුල ලිහෙන හැඩයි

න්‍යෂ්ඨික වැඩපිළිවෙළ නිසා සම්බාධක පිට සම්බාධක පැනුවුණු ඉරානය දැන් ලෝක බලවතුන් සමග සහයෝගයෙන් කටයුතු කරන සෙයක් පෙනෙන්නට ඇති බැවින් ඉදිරියේදී ඉරානයේ සිට ඛනිජ තෙල් ආනයනය කිරීම ගැටලූවක් නොමැතිව සිදු කළ හැකි වනු ඇතැයි තමන් සිතන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුසන්ත සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාද පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශයක් කළ අතර ඔහු පැවසුවේ ඉරානය මත පනවා ඇති සම්බාධක ලිහිල් වන්නේ නම් එය ශ්‍රී ලංකාවට මහත් වාසියක් අත්කර දෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පිරිපහදු කිරීම සදහා ඇත්තේ අඩසියවසකටත් වඩා පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව පමණි.එය ගැළපෙන්නේ සල්ෆර් ප්‍රතිශතය අඩු ඛනිජ තෙල් පිරිපහදු කිරීමටය.

ඉරානයේ ඛනිජ තෙල් සල්ෆර් ප්‍රතිශතයෙන් අඩු නිසා ගැටලූවක් නොමැතිව පිරිහදුවට යෙදිය හැක.නමුත් ඕමානය,සෞදි අරාබිය වැනි රටවලින් ලැඛෙන ඛනිජ තෙල් වල සල්ෆර් ප්‍රතිශතයේ ඇති වෙනස්කම් නිසා ඒවා පිරිපහදුවට යෙදීම අපහසුය.

මෙනිසා පිරිපහදු කටයුතු සදහා යොදාගැනෙන ඛනිජ තෙල් වලින් සියයට 93 ක් පමණම වාගේ පිරිමසා ගනු ලබන්නේ ඉරානයෙනි.

ඉරානයට සම්බාධක පැනවීමත් සමග රජය කළේ සෞදි අරාබිය වැනි රටවලින් ඛනිජ තෙල් ගෙනවිත් පිරිපහදු කිරීමට උත්සාහ කිරීමය.නමුත් නොගැලපීම නිසා එය අසාර්ථක වූවා පමණක් නොව සපුගස්කන්ද පිරිපහදුවද කිහිපවරක් සම්පූර්ණයෙන්ම වසා දැමිීමටත් සිදුවිය.වෙන කළහැක්කක් නොමැති තැන රජයට සිදුවූයේ වැඩි මිලක් ගෙවා කලින් පිරිපහදු කරන ලද ඛනිජ තෙල් ආනයනය කිරීමටය.

මෙය රටේ තෙල් මිල වැඩිවීම ඔස්සේ ජනතාවට හොදින්ම දැනුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාද වරක් විදෙස් නියෝජිතයින් හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව ඇතුලූ බටහිර බලවතුන් විවිධ රටවලට සම්බාධක පැනවීමේදී සැබැවින්ම තැලෙන්නේ එම රටවල් නොව එම රටවල් වල ආධාර ලබන ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් බවයි.

දැරීමට සිදුව ඇති අධික වියදම නිසාම ඛනිජ තෙල් වලට ආදේශකයක් සොයා ගැනීම ශී්‍රලංකාව වැනි රටකට අනාගතයේදී ඉතා වැදගත් බව ඛනිජ තෙල් සංස්ථාවේ මතයයි.

ඉරානයට පැනවුනු සම්බාධක ලිහිල්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් ආනයනය යථා තත්ත්වයට පත්වී ඒ හා සමග රටේ තෙල් මිල අඩුවේදැයි යන ගැටලූවට නම් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැත.



අදහස් (0)

ඉරාන තෙල් අවුල ලිහෙන හැඩයි

වෙදමහත්තයා Tuesday, 10 December 2013 03:01 PM

තෙල් මිල ලෝකේ බැස්සත් අපේ රටේ ඒක අඩුවෙන්නේ නැහැ . වැඩි වෙන එක නම් වැඩි වෙනවා.(නදී)

:       0       0

ජීවන් Tuesday, 10 December 2013 04:07 PM

අන්න අදත් වාහන නවයක් බාල තෙල් ගහල මඟ හිටලයි කියල ඉංග්‍රීසි පත්තරේක තියනවා. (ස)

:       0       0

ද සිල්වා Tuesday, 10 December 2013 01:25 PM

මෙයට විසදුම අලුතෙන් ගල්ෆ් රටවල තෙලුත් පිරිපහදු කළහැකි නවීන පිරිපහදුවක් ඉදිකිරීමයි. එය නොසිදු වෙන්නේ එසේ කළහොත් බලධාරීන්ට ලැබෙන කොමිස් මුදල අඩුවන නිසාය. මෙමගින් තැලෙන්නේ දුප්පත් ජනතාවයි. පාලකයන්ට මෙම ප්‍රශ්නය නොපෙනීම විමතියකට කරුණකි. නවීන ක්‍රිකට් පිට්ටනි , නවීන වරාය , ගුවන්තොටුපල සෑදීමට බලධාරීන්ට මුදල් තිබේ. නමුත් රටේ දැවෙන ප්‍රශ්නයක් වන ඛනිජ තෙල් ප්‍රශ්නයට නිසි පිළියමක් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත. මගේ දැනීමේ හැටියට ලංකාවේ ඛනිජ තෙල් ප්‍රශ්නයට විසදුම තිබෙන්නේ ඉරානයේ නොව අපේ ජනතාව අතේය. ලබන ඡන්දයේදී බැරි මිනිසුන් ගෙදර යවා පුළුවන් කෙනෙකු පත්කර ගමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site