ලබන සතියේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරානයේ නව ජනාධිපති හසන් රොව්හානී හමුවීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ කිසිදු අදහසක් නැතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර තිබේ.
බොහෝ දේශපාලන විචාරකයන් අනුමාන කළේ, මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ ඉරාන ජනපති සහ ඔබාමා අතර හමුවක් පැවැත්වෙනු ඇති බවත්, දෙරට අතර පවතින අර්බුදයන් එහිදී සාකච්ඡුාවට ලක් වනු ඇති බවත්ය.
ඉරාන ජනපති ධුරයට පත්වීමෙන් පසු, රොව්හානී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පළමු අවස්ථාව වනු ඇත්තේ ද මෙයයි.
ඉරානය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව කියා සිටින්නේ ඉරානයේ එම න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් කියාය. එම නිසාම ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසක් පනවා ඇත.
මධ්‍යස්ථමතධාරියකු වන රොව්හානී, ජනපති ධුරයට පත් වූ අවස්ථාවේදී කියා සිටියේ ඇමෙරිකාව සමඟ රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට පියවර ගන්නා බවය.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉරාන ජනපති හමුවෙන්න බැරැක් ඔබාමා සූදානම් නෑ