ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල තුළ සිරවූහ.
පිපිරීම සිදුවූයේ දකුණු ඉරානයේ කොරසාන් පළාතේ තාබාස් ප්‍රදේශයේ පිහිටි ගල් අඟුරු පතලේය. මෙම ගල් අඟුරු පතල වර්ග කිලෝ මීටර් 30,000 ක ප්‍රදේශයක් පුරා විසිරී පවතී. මෙය ඉරානයේ විශාලතම ගල් අඟුරු පතල ද වෙයි.
පිපිරීමට හේතුව මීතේන් ගෑස් කාන්දුවක් බව මේ වනවිට අනාවරණය වී ඇත. පිපිරීම හටගත් අවස්ථාවේ පතලේ 69 දෙනකු සේවය කරමින් සිටි බව කොරසාන් පළාතේ ආණ්ඩුකාර ජාවඩ් ගෙන්නාට්ස්සාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
පිපිරීමෙන් පසු පතලේ කොටස් කීපයක් කඩා වැටීමකට ලක් විය. එසේ කඩා වැටෙද්දී පතල තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කළත්, සිරවුණු එම පිරිස මුදා ගැනීම දුෂ්කර බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්