IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනෙජාද් අධිකරණය හමුවට

ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ඊයේ (18) එරට අපරාධ අධිකරණය හමුවට කැඳවනු ලැබුණි. ඒ, ඔහුට එරෙහිව කතා නායක අලී ලාරිජානී සහ තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු කළ පැමිණිල්ලක් හේතුවෙනි.
ජනපති අහමදිනෙජාද්ට එරෙහිව ඇති චෝදනා මෙතෙක් අනාවරණය වී නැත.
ජනපති ධුරයේ සිටිද්දී අහමදිනෙජාද් එරට උත්තරීතර පාලක මණ්ඩලය සමඟ ගැටුම් ඇති කර ගත්තේය. ඉරාන ජනපතිවරයාට එරට උත්තරීතර පාලක මණ්ඩලය අභිබවා යෑමට නොහැකිය.
උත්තරීතර පාලක මණ්ඩලයේ නායකයා වන්නේ උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනිය. අහමදිනෙජාද් අවස්ථා ගණනාවකදී කොමේනී සමඟ මත ගැටුම් ඇති කර ගත්තේය.
අහමදිනෙජාද් ලබන අගෝස්තු මාසයේ දී ජනපති ධුරයෙන් සමු ගැනීමට නියමිත අතර ඉකුත් දා පැවැති ජනපතිවරණයෙන් ජයගත් මධ්‍යස්ථ මතධාරී හසන් රොහානී ජනපති ධුරයේ වැඩ භාර ගැනීමට ද නියමිතය.



අදහස් (0)

ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනෙජාද් අධිකරණය හමුවට

උදය Wednesday, 19 June 2013 11:34 PM

ඇමෙරිකාවේ අවශ්‍යතාවය ඉරානය බේද කරන එක. නමුත් මේ ප්‍රශ්නය ඉරානයට ප්‍රශ්නයක් නොවෙයි (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 20 June 2013 04:51 PM

සාධාරණ වුනත් අසාධාරණ උනත් ඉරානේ නීතියට ඉරාන ජාතිකයෝ ගරුකළ යුතුයි. ළමයින්ටත් මරණ දඬුවම දෙන රට නේ. හෙට අනිද්දා අහමදිනෙජාද් එල්ලා හෝ හිස ගසා මරාදැම්මා කියලා ආරංචි උනොත් පුදුම වෙන්න දෙයක් නෑ. නොබෙල් තෑග්ග දිනපු නෝනටත් ගැහැනියක් වුන නිසා විනිසුරුකම නොදුන් රට නේ. නමුත් අයතුල්ලා අලී කොමේනි වරදක් කලොත් එයත් උසාවි ගේනවද?(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 19 June 2013 06:02 PM

ලංකාවේ නම් මෙහෙම නිතියක් නැහැ නේද? (නි)

:       0       0

ඇසෙ Wednesday, 19 June 2013 09:56 AM

ඒ ඉරානයේ අපේ එහෙමෙ බෑ,(අ)

:       0       0

අසංක Wednesday, 19 June 2013 08:01 PM

මොනවා උනත් හිටපු ඉරාන ජනාධිපතිතුමා කොන්ද කෙලින් තියෙන හිත හොද එඩිතර ජනාධිපතිතුමෙක් එතුමා මෙහෙම උසාවි ගෙනියන එක වැරදි (ත)

:       0       0

හුසේන් Thursday, 20 June 2013 09:55 AM

කොහොමත් ලෝකෙට ලොක්කෝ කොන්ද කෙලින් තියෙන සෙසු ලොක්කන්ට කැමති නැහැ. කොහොම හරි අයින් කරලා පෙන්දෝ දාගන්නවා.මාධ්‍යයත් හරි හරියට ඒ අයට කඩේ යනවා වගේම මල්ලත් පුරෝගන්නවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 845 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1787 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site