IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා බැග්ඩෑඞ් නුවරදී

මතභේදාත්මක ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සහ ලෝකයේ බලවත් රටවල් අතර විශේෂ හමුවක් ඊයේ (23& ඉරාකයේ බැග්ඩෑඞ් නුවරදී පැවැත්විණි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් ද නැද්ද යන්න තීරණය කිරීමට ඇමෙරිකාව ද ඇතුළු ලෝකයේ බලවත් රටවල් 6 ක නියෝජිතවරු එම හමුවට සහභාගී වූහ. එම හමුව නිමිත්තෙන් බැග්ඩෑඞ් නුවරට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබුණි. ඉරානය මෙම හමුවට සහභාගී වන්නේ අන්තර් ජාතික පරමාණු ශක්ති ඒජන්සියේ ප‍්‍රධානී යුකියා අමානෝ ඉකුත් සඳුදා (21) ඉරානයට පැමිණ එරට න්‍යෂ්ටික කටයුතු සම්බන්ධ ප‍්‍රධානී සෙයිඞ් ජලීල් හමුවී සාකච්ඡා කිරීමෙන් ද පසුවය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන කි‍්‍රයාත්මක කළේ රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්ය. එහෙත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරන්නේ ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවටය. ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමට ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත්තේ ද එම නිසාය. අන්තර් ජාතික පරමාණු ශක්ති ඒජන්සියේ ප‍්‍රධානී යුකියා අමානෝ ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධ ප‍්‍රධානී සෙයිඞ් ජලීල් හමුවෙමින්...



අදහස් (0)

ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා බැග්ඩෑඞ් නුවරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site