IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරානයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක්

ඉරානය න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම වළක්වාලීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා පැවැසීය.

ඉරානය සම්බාධක නොතකමින් න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි බැලැස්ටික් මිසයිල අත්හදා බලන බවත් ඒවා ක්‍රියාවට නංවා බලන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම චෝදනා කරයි. 

ඉරානයට පනවා ඇති ආයුධ තහනම 2020 දී ඉවත් නොකළ යුතු බවත් එය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත් රාජ්‍ය ලේකම්වරයා කීවේය. 

ඉරානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ‘පරීක්ෂා කිරීමේ සහ තහනම් කිරීමේ’ පියවර ගන්නැයි ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේය.  

“ඉරානය අල්කයිඩා සංවිධානයට සහාය දක්වනවා. එසේම ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට, ලෙබනනයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට, සෝමාලියාවේ සිදුවන නීතිවිරෝධී වෙළඳාම්වලට අල් ෂෙබාබ් සංවිධානයට සහයෝගය ලබාදෙනවා. ඉරාකයේ සිටින ෂියා සන්නාද්ධ කල්ලිවලට ද ආයුධ සපයනවා. ඔවුන් පුහුණු කරනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා චෝදනා කළේය. 

රුසියාව සහ චීනය ඉරානයට සහාය පළ කරමින් නිෂේධ බලය භාවිත කරනු ඇති බැවින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඉදිරිපත් කළ යෝජනාව සම්මත නොවනු ඇතැයි පැවසේ. 

ඉරානය යේමන සිවිල් යුද්ධයට මැදිහත්වීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වූ අතර රුසියාව තම නිෂේධ බලය භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කළ නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප විය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)

055



අදහස් (1)

ඉරානයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක්

රවින් Friday, 14 December 2018 10:37 AM

අනිකුත් සියලුදෙනාම කියන දේ නොපිළිගන්නා සිරිත ලොවට පුරුදු කලේ කව්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site