සති කිහිපයක් පුරා පැවැත්වුණු විරෝධතා වලින් පසුව ඉරාක අගමැකි අඩෙල් අබ්දුල් මහීද් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට නිවේදනය කර ඇත.
නව රජයක් තෝරා ගැනීමට නීති සම්පාදකයින්ට ඉඩ දීම සඳහා තමාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අගමැතිවරයා පවසයි.
ඉරාකයේ ඉහළම ශියා මුස්ලිම් පූජකවරයා වන ග්‍රෑන්ඩ් අයතුල්ලා අලි අල් සිස්තානි විසින් නායකත්වය වෙනස් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස අගමැතිවරයා මෙම තීරණයට එළඹි බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත.
අස්වන දිනයක් සම්බන්ධව නිවේදනයේ සඳහන් කර නොමැති අතර ඉරාක පාර්ලිමේන්තුව ඉරිදා (01) රැස්වීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
විරෝධතාවයේ යෙදුන පුද්ගලයින්ට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් සාමකාමී පෙළපාලිකරුවන් 400ක් පමණ ඝාතනය කර ඇති අතර ඉරාකය පුරා දරුණු ලෙස ප්‍රචණ්ඩත්වය උත්සන්න වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරාක අගමැති ඉල්ලා අස්වන බව කියයි