IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉරාකයේ පළමු රූ රැජිණ කිරුළු පළඳියි

පළමුවැනි වරට ඉරාකයේ රූ රැජිණ තේරීමේ තරගාවලියක් සංවිධානය කෙරුණු අතර එහිදී ශ්‍යාමා අබ්දෙල්රහුමාන් නම් 20 හැවිරිදි යුවතිය ඉරාකයේ මුල්ම රූ රැජිණ කිරුළ හිමිකරගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

‘මිස් ඉරාක්‘ තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ නිලධාරියකු වන හුමාම් අල් ඔබෙයිදි පවසන්නේ ‘අපි ජීවිතයට ආදරය නොකරන බවට සමහර මිනිසුන් තුළ තිබූ සිතුවිල්ල ඉවත්වූ බව‘යි.

අවසන් තරගය පැවැති බැග්ඩෑඩයේ හෝටලයේ බෝල්රූම් ශාලාව සංවිධායකයන්ගෙන් හා විශාල පිරිසකගෙන් පිරී ඉතිරී ගිය බව එරට මාධ්‍ය වාර්තා කියයි.

තරගය විනිශ්චයට සිටි ජූරි මණ්ඩලය ඉරාකයේ විවිධ ජනවර්ග වෙසෙන කිර්කුක් නගරයෙන් පැමිණි උසැති කොළවන් ඇස් ඇති 20 හැවිරිදි ශ්‍යාමා අබ්දෙල්රහුමාන් තරුණියට පළමු මිස් ඉරාක් කිරුළ ලබාදීමට තීරණය කළේය.

තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග එහි පැමිණ සිටි පිරිස උද්දාමයට පත්වූහ. විශේෂයෙන්ම තරුණයෝ හුනසුනෙන් නැගිට ඇගේ නම කියමින් කෑගසන්නට වූහ.

ඉරාකය ඉදිරියට පියවර තැබීම පිළිබඳව තමා බෙහෙවින් සතුටුවන බව නව රූ රැජිණිය ඒඑෆ්පී පුවත්සේවයට කියා සිටින්නීය. මෙම තරග ඉසව්ව ඉතා විශාල එකක් බවත් එය සියලු ඉරාක ජාතිකයන්ගේ මුහුණේ සිනාවක් මතුකිරීමට සමත්වූ බවත් ඇය කියා සිටියාය.

බොහෝ තරගකාරියන් ආඩම්බර ලීලාවෙන් තරග කළ අතර උස් අඩි සහිත පාවහන් පැළඳ සන්ධ්‍යා කාලයට උචිත අත් රහිත ඇඳුමින් සැරසී සිටි නමුත් දණ හිසින් පහළට ඇඳුම් ඇඳ සිටි බවත් මාධ්‍ය වාර්තා කියයි.

ජයග්‍රාහිකාව සඳහන් කර සිටියේ ඇගේ ජනප්‍රියත්වය උපයෝගී කරගනිමින් ඉරාකයේ අධ්‍යාපනය නගා සිටුවීමටත් යුද්ධයෙන් අසරණවූ ජනතාව වෙනුවෙන් යමක් කිරීමටත් සූදානම් බවයි.
web_Iraq_201512205060341-27 web_Iraq_2015122050603417



අදහස් (0)

ඉරාකයේ පළමු රූ රැජිණ කිරුළු පළඳියි

අමාලි Monday, 21 December 2015 12:47 PM

සුබ පැතුම්.! (ර)

:       0       0

උපාලි Tuesday, 22 December 2015 07:56 AM

අනේ මන්ද හෙට අනිද්දා වෙනකොට මේ කෙල්ල මරල දායිද දන්නෙත් නැහැ.එතරම් බුද්ධිමත්, ගුණවත් අන්තවාදී අය විශාල ප්‍රමාණයක් ඉන්න රටක් ඕක (බ)

:       0       0

විජිත් Monday, 21 December 2015 08:55 AM

තවමත් නොමිනිසුන් සහ ත්‍රස්තවාදයෙන් පිරි ඇති අස්ථාවර රටක, ඇය ඇගේ ජීවිතය පරදුවට තබා කළ සෙල්ලමක්ද ..කියලයි මටනම් හිතෙන්නේ.කෙසේවෙතත් රූමත් ළඳුනේ, ඔබගේ දිරිය, ආත්ම ශක්තිය සහ මහත්වූ අභිමානයට මගේ ආචාරය. (බ)

:       0       0

දිලාන් මාධව Monday, 21 December 2015 10:49 AM

අන්තවාදී අදහස් වලින් ඈත්වෙලා නවීන ලෝකයත් එක්ක ඉස්සරහට යන්න මේක යෝධ පියවරක් කියලයි මටනම් හිතෙන්නේ. බොහොම ප්‍රශංසනීයයි. (කෞ)

:       0       0

සොපි Monday, 21 December 2015 03:26 AM

තමන්ගේ ජාතික අනන්‍යතාවයට හා කාන්තාවන්ගේ ගරුත්වයට හානියක් නොවන අයුරින් මෙම තරඟ පැවැත්වෙනවා නම් එහි කිසි වරදක් නැතැයි මට සිතේ .(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site