IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉම්රාන්ගේ මිනිස්සු පකිස්තාන රූපවාහිනියටත් පනිති

පාකිස්තාන විපක්ෂනායක ඉම්රාන් ඛාන්ගේ හා ජනප්‍රිය පූජක තහිරුල් කඩ්රිගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවර ජාතික රූපවාහිනියට කඩා වැදීමෙන් පසු ඔවුන් ඉවත් කර එහි බලය නැවත තහවුරු කර ගැනීමට පකිස්තාන හමුදාව සමත් විය.

විපක්ෂයේ ඉල්ලීම වනුයේ අගමැති නවාස් ෂරීෆ් ඉල්ලා අස් විය යුතු බවයි.

තමා දූෂිතයකු නොවන බවත්, පසුගිය ඡන්දයේ දී වංචා සිදු නොකළ බවත් ෂරීෆ් කියයි.

පොලිසිය සමඟ ගැටුණු විරෝධතාකරුවන් යුද හමුදාව සමඟ ගැටුණේ නැත. යුද හමුදාවට සහාය දෙන්නැයි ඉම්රාන් හා කඩ්රි  ඔවුන්ගේ ආධාරකරුවනට කීහ.

දහස් ගණන් විරෝධතාකරුවෝ පොලු මුගුරු රැගෙන පකිස්තාන අගමැති නිවස දෙසට ගමන් කළහ.

කැරලි මර්දන පොලිසිය පසු බැස ගියේය. පොලිසියේ කිහිප දෙනෙක් ද තුවාල ලදහ.  උද්ඝෝෂකයෝ වාහනවලට පහර දෙමින් මාර්ග බාධක ලෙස පාර හරහා දැමුණු කන්ටේනර ගිනි තබමින් කලබල කළහ.

ටික වේලාවකට පසු යුද හමුදාව පැමිණ උද්ඝෝෂකයන් සාමකාමී ලෙස එළියට කැඳවාගෙන ගියේය. ඉන් පසු ජාතික රූපවාහිනිය යළි විකාශන පටන් ගත්තේය.

 



අදහස් (0)

ඉම්රාන්ගේ මිනිස්සු පකිස්තාන රූපවාහිනියටත් පනිති

ඉසුරන්දි Tuesday, 02 September 2014 04:46 AM

හැම රටකම ප්‍රශ්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site