IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉබෝලා පුහුණුවට පිරිසක් ඉන්දියාවට

ඉබෝලා මර්දනය හා ප‍්‍රතිකාර ක‍්‍රම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබීමට වෛද්‍යවරුන් හා හෙදියන්ගෙන් සැදි කණ්ඩායමක් ඉන්දියාවට යැවීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල කියයි.

වසංගත රෝග නිවාරණ අංශයේ පැවති හමුවකදී රජයේද අනුමැතිය ඇතිව මේ තීරණයට එළඹුනු බව ඔහු පවසයි.

අපි‍්‍රකාවේ වසංගත තත්ත්වයක් තරමට වර්ධනය වී ඇති ඉබෝලා යුරෝපය මෙන්ම ඇමරිකාව වැනි රටවලටද ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිව තිබෙන හෙයින් අපි‍්‍රකාව හා ශී‍්‍රලංකාව අතර වැඩි සම්බන්ධයක් නොමැති වුවද පැය 24 පුරාම සූදානමින් සිටීම වැදගත් බව ඔහුගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන අතර එයට අනුව කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතුල්වන සංචාරකයින් ඉබෝලා වැළදී ඇත්දැයි සොයාබැලීම සදහා වන විශේෂ පරීක්ෂණයකට යොමු කරවීමටද නියමිතව ඇත.

හදිසියේවත් ඉබෝලා රෝගියෙකු හමුවුවහොත් ඔහුව හෝ ඇයව වහාම අංගොඩ උණ රෝහලට යැවීමට කටයුතු සළස්වා තිබෙන බවත් එහිදී විශේෂයෙන් පුහුණුව ලැබූ වෛද්‍යවරුන් හා හෙදියන් කණ්ඩායමක් රෝගියා පිළිඹද සොයාබලනු ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියයි.



අදහස් (0)

ඉබෝලා පුහුණුවට පිරිසක් ඉන්දියාවට

පිටිගල මිලානෝ Sunday, 09 November 2014 11:10 AM

අපේ අය රෝග නිවාරණයට පුහුණු වෙන්න පිට රට ගියාම මොන කුණු ලෙඩ හදාගෙන අපහු එයිද දන්නේ නැහැ. දන්නවනේ අපේ අයගේ හැටි.(හේ)

:       0       0

නිශාන්ත Friday, 07 November 2014 09:50 AM

ඩෙංගු මර්ධනයට කියුබාවේ ගියා වගේ තියේවිද මන්දා?(හේ)

:       0       0

විද්‍යා Thursday, 06 November 2014 07:35 PM

කල්කටාවේ මාසයක් ඉඳලා ගාන්ජි කියන ගඟේ දෙසැරයක් ගිලිලා බේරිලා අවොත් මොන ලෙඩක්වත් හැදෙන්නේ නැහැ කියලා කතාවක් තිබෙනවා (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 12:14 PM

කන්ඩ නැතුව මැරුණත් සැපයි ඔය දහා ජරා ලෙඩේනම් ගෙන්න එපා කියන්න ලංකාවට.දුක්විදල නම් මැරෙන්න බැහැ අපිට තවත්.(අ)

:       0       0

ටෙක්ලා Friday, 07 November 2014 12:45 AM

මොනවා වුණත් පෙර සූදානම බොහොම වැදගත් (නි)

:       0       0

කබ්රාල් මිලානෝ Sunday, 09 November 2014 04:12 PM

පිටිගල අනිත් අයගේ කුණු ලෙඩ හොයන්න ඉස්සරවෙලා තමන්ගේ හදවතට ටිකක් තට්ටු කරගෙන බලන්න. නැත්නම් කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අහගන්න තමන්ගේ කෙරුවාවල්. අපිත් මිලානෝනේ ඉන්නේ. අපි නොදන්නා පිටිගල. (නදී)

:       0       0

ජෙහාන් Friday, 07 November 2014 05:04 AM

ගිහිල්ල ඊළඟට ඒකත් එක්කම ආපහු නොඑන්න වග බල ගන්නවා නම් හොඳයි. අපිට වෙන්නේ එහෙම දේවල් නේ. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site