ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර විශේෂ හමුවක් වොෂින්ටන් අගනුවර ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.
සීක් කැනේඩියානු නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතනය මුල්කොට ගනිමින්, ඉන්දියාවත් කැනඩාවත් අතර නිර්මාණය වී ඇති අර්බුදය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් බ්ලින්කන්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, එම ඝාතනය සම්බන්ධයෙන් කැනඩා රජය ආරම්භ කර ඇති විමර්ශනවලට සහාය දක්වන ලෙසය.
සාකච්ඡා ආරම්භ වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය වෙනුවෙන්, ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට ස්තුති කළේය. ඒ, පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වුණු ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව සාර්ථක කර ගැනීමට ඇමෙරිකාවෙන් ලැබුණු සහයෝගය අගය කරමිනි.
කැනේඩියානු සීක් නායක 45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර්, කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සරේ නුවර සීක් දේවස්ථානයක් ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූනි 18 වැනිදාය.
එම ඝාතන සිද්ධිය මුල්කොට ගනිමින්, ඉන්දියාවත් කැනඩාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දිනෙන් දින උග්‍රවෙමින් පවතියි.
හර්දීප් සිං ඝාතනය පසුපස සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂ’ රජයේ ඒජන්තවරුන් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කර තිබේ. . කැනඩා ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, හර්දීප් සිං නිජ්ජාර් කැනඩා පුරවැසියකු බවත්, කැනඩා පුරවැසියකු කැනඩාවේ දී ඝාතනය කැනඩාවේ ස්වෛරීත්වයට හානියක් බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පෙන්වා දී තිබේ. කැනඩා ආරක්ෂක අංශ සිදු කරන විමර්ශනවලට සහාය දෙන්නැයි අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දීය රජයෙන් ද ඉල්ලා ඇත.
කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ මෙම කාරණාව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සමඟ ද සාකච්ඡා කර තිබේ. කැනඩාව ඇමෙරිකාවේ අසල්වැසියා වන අතර, ඇමෙරිකා කැනඩා හිතවත්කම් ශක්තිමත්ය. ඉන්දීය රජය සම්බන්ධයෙන් කැනඩාව එල්ල කරන චෝදනා බරපතල නමුත්, හිත් අමනාපකම් ඇති කර නොගෙන එම අර්බුදය විසඳා ගැනීම කළ යුතු බවත් ඇමෙරිකා රජය පවසා තිබේ. ලොව තෙවැනි ආර්ථික බලවතා වන ඉන්දියාව දිනෙන් දින ලොව ජය ගනිමින් සිටී.
ඇමෙරිකාවට ඉන්දියාව තරහ කර ගැනීම කිසිසේත් කළ නොහැකිය. ඊට ප්‍රධාන හේතුව චීනය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනය ආසියානු කලාපයේ ඔවුන්ගේ බලය තහවුරු කර ගනිමින් සිටින අතර, ඉන්දියාව ඊට එරෙහි වෙයි. ඒ අනුව, ආසියාවේ චීන ආධිපත්‍යයට එරෙහිව ඇමෙරිකාවට සිටින ප්‍රබල මිතුරා ඉන්දියාවය. කැනඩාවත් ඉන්දියාවත් අතරේ හටගත් අර්බුදයේදී වුවත්, කැනඩාවට පක්ෂව කතා කළත්, ඇමෙරිකාව කිසිම ආකාරයකින් ඉන්දියාවට විරුද්ධව නොයන බව ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
කැනඩාවත් ඉන්දියාවත් අතරේ හටගත් අර්බුදය උග්‍රවෙද්දී, කැනඩාව එරට සිටි ඉන්දීය ‘රෝ’ බුද්ධි අංශ ප්‍රධානීයා පවන් කුමාර් එරටින් නෙරපා දැමීය. ඉන්දියාව එරට කැනඩා තානාපති සහ කැනඩා රාජ්‍ය තානේත්‍රිකයන් නෙරපා දැමීය. එසේ ම කැනඩා වැසියන්ට වීසා නිකුත් කිරීම ද නවතා දැමීය. ඉන්දියාවට යන්න එපා යැයි කැනඩාව එරට වැසියන්ට අනතුරු ඇඟවීමක් ද කෙරුණි.
කැනඩා රජයට අනුව හර්දීප් සිං නිජ්ජාර් සීක් නායකයෙකි.: සීක් ක්‍රියාකාරියෙකි. කැනඩා පුරවැසියෙකි. ඉන්දීය රජයට අනුව හර්දීප් සිං නිජ්ජාර් යනු බෙදුම්වාදී ත්‍රස්ත නායකයෙකි. සීක්වරුන් ඔවුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලයි. ඒ, ඉන්දියාවේ සීක්වරුන්ගේ නිජබිම වන පන්ජාබ් ප්‍රාන්තය සහ ඒ අවට සීක්වරුන් ජීවත් වන පළාත් එක් කරමිණි. සීක්වරුන් ඔවුන් වෙනුවෙන් ඉල්ලන එම පාලන ප්‍රදේශය ‘කලිස්තාන්’ය. ඉන්දියාව හර්දීප් සිං හඳුන්වන්නේ ‘කලිස්තාන්’ ත්‍රස්ත නායකයකු ලෙසය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා දින 9 ක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇති අතර ඉන්දු ඇමෙරිකා වෙළෙඳ ගිවිසුම් කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට අමතරව, ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සහ විදෙස් අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් අතරේ ද හමුවක් පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
චීනය සමඟ සාකච්ඡා පවත්වා, තීරු බදු පැනැවීමත් සමඟ හටගත් වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පාකිස්තානයේ ලාහෝර් නුවරට ඉහළින් පියාසර කරමින් තිබුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමීමට පාකිස්තාන ආරක්ෂක අංශ සමත් විය. එය ඉන්දීය හමුදාවට අ
ජර්මනියේ පාලක පක්ෂය වන කොන්සවර්ටිව් පක්ෂයේ නායක ෆෙඩ්‍රික් මර්ස්, එරට චාන්සලර් ධුරයට තේරීපත් විය. ඒ, පාර්ලිමේන්තුවේ පැවැති වට කීපයක ඡන්ද විමසුම්වලින
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්දීය විදේශ ඇමැති ඇමෙරිකාවේ