විදෙස් සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් මේ මස අගදී පැවැත්වීමට ඉන්දියාව සහ ජපානය සූදානම් වන බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු සහ එරට ආරක්ෂක අමාත්‍ය කිෂි නොබුවා, ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහභාගී වන හමුවකට සහභාගී වීමට සූදානම් යැයි ජපානයේ එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කරයි.
දෙරටේ ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් මෙලෙස හමු වුවහොත් එවැනි හමුවක් පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙය වේ. දෙරටේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරු 2019 වසරේ නොවැම්බර් 30 වැනිදා නවදිල්ලියේ දී මෙලෙස හමුවූහ.
මතභේදාත්මක නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ චීනය කරන ක්‍රියාකාරකම් මේ හමුවට ප්‍රධාන හේතුව වී ඇතැයි ඒෂියා නිකී පුවත් සේවය වාර්තා කරයි.
ජපාන අග්‍රාමාත්‍ය සුගා යොෂිහිඩේ ද ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉදිරියේ දී පැවැත්වෙනු ඇතැයි කියන හමුවේදී දෙරටේ ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරුන් ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි පැවසේ.
ස්වයං-ආරක්ෂක සේවාවලට අවසර දීම සඳහා ජපානය සහ ඉන්දියාව පසුගිය වසරේ දී ගිවිසුමකට අත්සන් කළේය. එම ගිවිසුමට අමතරව ඉන්දීය හමුදාව දෙරටේ ආරක්ෂක අංශවලට ආහාර සහ ඉන්ධන සැපයීමද සිදු කෙරේ.
ජපානය දිගින් දිගටම ඉන්දියාව සිය මිත්‍රයකු ලෙස සලකන බවත් ඉන්දු-ශාන්තිකර කලාපය නිදහස් සහ විවෘත කලාපයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවත් ජපාන රජය උපුටා දක්වමින් එන්.එච්.කේ. පුවත් සේවය වාර්තා කර තිබිණි. නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා කැපවෙන බව ඉන්දියාව මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය.
"ක්වඩ් සන්ධානයේ" රටවල නායකයන්ගේ හමුවක් පසුගිය මාසයේ දී පැවැත්විණි. ඉන්දියාව, ජපානය ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සන්ධානයේ සාමාජිකයෝ වෙති. "නිදහස් සහ විවෘත" ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගැනීමේ වැදගත්කම එම නායකයන්ගේ හමුවේදී ද සාකච්ඡාවට ලක් විය.
එන්.එච්.කේ.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දු ජපන් විදෙස් - ආරක්ෂක ඇමැති හමුවක්