IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඉන්දු-චීන විදේශ අමාත්‍යවරු ලඩාක් ගැන කතා කරති

නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ දේශසීමා ගැටුම් අවසන් කිරීම සහ අර්බුද සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් නැවත විමසා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් චීන විදේශ අමාත්‍ය වැන් යී ට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.

ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි ලඩාක් හි නැගෙනහිර කොටස කේන්ද්‍ර කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර අර්බුද ඇති විය. මේ අර්බුද සමථයකට පත් කිරීම සඳහා ඉන්දු-චීන බලධාරීන් රුසියාවේ මොස්කව් අගනුවර දී එකඟතාවකට පැමිණියහ.

මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යීට දුරකතන ඇමතුමක් ලබා දී තිබේ.

මොස්කව් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් චීන විදේශ අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් දුන්නේ යැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ලඩාක් හි පිහිටි පැන්ගොන්ග් විලේ උතුරු සහ දකුණු ඉවුරුවල සිටින හමුදා ඉවත් කරගැනීමට දෙරටම පියවර ගැනීමත් සමඟ මෙම නව සාකච්ඡා ආරම්භ වී තිබේ.

දේශසීමා බළඇණි අතර සංවාදය, ඉක්මනින් ගැටුම් නිරාකරණය සහ ගැටුම් අවම කරගැනීම, පරතරය පවත්වා ගැනීම යනාදී වශයෙන් පසුගිය වසරේ දී චීනය සහ ඉන්දියාව අතර එකඟතා පහක් ද ඇති කරගත් අතර ඒ සම්බන්ධයෙන් ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා පවත්වා ඇත. දෙරට අතර විශ්වාසය ගොඩනැගීම අරමුණු කරගනිමින් එම එකඟතා ඇති කරගන්නා ලදි.

දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර දුරකතන සංවාදය විනාඩි 75ක් තරම් දීර්ඝ වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (0)

ඉන්දු-චීන විදේශ අමාත්‍යවරු ලඩාක් ගැන කතා කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site