IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දු කාශ්මීරය සංචාරක ගමනාන්තයක්

මේ වනවිට ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සියල්ල නියමිත පරිදි සිදු වුවහොත් ඉන්දියාවේ වඩාත් සෞභාග්‍යයමත් සහ වැඩියෙන්ම විදේශ විනිමය සංචාරක ගමනාන්තය බවට පත්වීමට ජම්මු හා කාශ්මීරයට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.

ඉන්දීය පරිපාලනය යටතේ තිබෙන ජම්මු හා කාශ්මීරය ඉන්දීය මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින අතර එය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනෙමින් තිබේ.

අනපේක්ෂිත ලෙස ජම්මු හා කාශ්මීරයට සංචාරකයන් පැමිණීම නිසා කිසිදු ප්‍රදේශයක් සංචාරක වැදගත්කමක් නැතැයි සලකා නොසලකා හැර නොසිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීම සැලකිල්ලට ගනිමින් නව සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් ඒ තුළින් තරුණ තරුණියන් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට පරිපාලනය තීරණය කර තිබේ.

මීට අමතරව විනෝදාස්වාදය, සංචාරක ක්‍රීඩා, අත්කම් ඇතුළු ජම්මු හා කාශ්මීරයට ආවේණික දෑ ප්‍රවර්ධනය කරමින් සංචාරක කර්මාන්තය තුළින් මෙම ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමින් ඇත.

මේ ගෙන ඇති ක්‍රියාමාර්ග සියල්ල සාර්ථක වුවහොත් ජම්මු හා කාශ්මීරය සෞභාග්‍ය කරා ගමන් කරනු ඇතැයි ද ඉන්දියාවේ වැඩිම විදේශ විනිමය ආදායමක් උපයන ප්‍රදේශය බවට පත්වනු ඇතැයි ද බලධාරීහු විශ්වාස කරති.

(එන්.ඩී.ටිවි.)



අදහස් (0)

ඉන්දු කාශ්මීරය සංචාරක ගමනාන්තයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site