ඉන්දියානු ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි ත්‍රස්තවාදියකු ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ දී එරට හමුදාව විසින් ඝාතනය කර ඇත.
දකුණු දිග කාෂ්මීරයේ ට්‍රාල් දිස්ත්‍රික්කයේ නිවසක් තුළ සැඟවී සිටියදි මොහු වෙඩිතබා මරා දැමූ බව ඉන්දිය හමුදාව පවසයි.
සකිර් මුසා නම් මෙම ත්‍රස්තවාදියා අල් ක්වයිඩා සංවිධානයට සම්බන්ධව කාෂ්මීරයේ සටන් මෙහෙයවූ පුද්ගලයෙකි.
ඔහු 2016 වසරේදී ඉන්දියානු හමුදාව විසින් මරා දැමූ කාෂ්මීරයේ ජනප්‍රිය ත්‍රස්ත නායකයකු වූ බුර්හානි වානිගේ සහායකයකු බවත් සඳහන් වේ.
වානි මරාදැමීමෙන් පසු ඉන්දීය හමුදාව අත්පත්කරගත් දැවැන්තම ජයග්‍රහණය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ඝාතනයත් සමඟ බහුතර මුස්ලිම් ජනතාවක් වාසය කරන කාෂ්මීර ප්‍රාන්තයේ විරෝධතා ආරම්භ වී ඇති බවද පැවසේ.
(බීබිසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දීය හමුදා සෙබළු ප්‍රබල ත්‍රස්වාදියකු ඝාතනය කරති