ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිෂංකර් මහතා, සිංගප්පූරු අගමැති ලී සියැන්ග් ලූන්ග් මහතා හමුවී දෙරටට බලාපන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
මෙම හමුවේදී නායකයෝ දෙදෙනා “නිව් ඉන්දියා” ව්‍යාපෘතිය මගින් ලබාදෙන අවස්ථා මෙන්ම දෙරටේ අතර සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගත්හ. ඊට අමතරව වත්මන් ලෝක දේශපාලනය සම්බන්ධයෙන් ද දෙදෙනා අදහස් හුවමාරු කරගත්හ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ තවත් දූත පිරිසක් ද සිංගප්පූරු සංචාරයට එක්ව සිටිති.
සිංගප්පූරු සංචාරයේ යෙදී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට නියෝජ්‍ය අගමැති හෙන්ග් ස්වී කීට්, ආරක්ෂක අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.
මෙම සංචාරය අතරවාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් ද මුණ ගැසුණි. එහිදි 6 වැනි ඒකාබද්ධ අමාත්‍ය කොමිසමේ සම සභාපතීත්වය ද හෙඹවිය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය චන් දුන් සින්ග් ද මුණ ගැසී වෙළෙඳාම හා ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
සිංගප්පූරුවේ පැවැති ඉන්දීය-සිංගප්පූරු ව්‍යාපාරික සහ නවෝත්පාදන සමුළුවට ද විදේශ අමාත්‍ය ජයිෂංකර් විය.
ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රධානත්වයෙන් නිදහස් වෙළෙඳ ගිවිසුමක් යෝජනා වී තිබෙන අතර කලාපීය සහයෝගීතා ආර්ථික සහභාගීත්ව ගිවිසුම (ආර්.සි.ඊ.පී) යනුවෙන් එය නම් කර තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරයේදී යෝජිත මෙම ගිවිසුම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.
රටවල් 16ක් අතර මෙම ගිවිසුම සාකච්ඡා වෙමින් තිබෙන අතර ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය මෙම ගිවිසුමේ වෙළෙඳ පාර්ශවකරුවන් බවට පත්ව සිටිති. බෲනේ, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය එහි අනෙකුත් පාර්ශවකාර රටවල්ය.
ද හින්දු ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දීය විදේශ ඇමැති සිංගප්පූරු සංචාරයක