IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය වෛද්‍යවරුන්ගේ විරෝධය දිගටම

බටහිර බෙංගාලයේ, කල්කටා නුවර, වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය සිසුවියක දූෂණය කර, ඝාතනය කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ආරම්භ කළ විරෝධතාවට, ඉන්දීය වෛද්‍යවරු ලක්ෂ 3 කට වැඩි පිරිසක් එක් වී සිටිති.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නේවාසික වෛද්‍යවරුන්ගේ සංගමය ද විරෝධයට සහාය පළ කිරීමට ඉදිරිපත් වුණු බවය. දීපව්‍යාප්තව විරෝධතා පැවැත්වුවත්, ප්‍රධාන විරෝධතා පැවැත්වෙන්නේ, කොල්කටා නුවරය.

දූෂණයට ලක් කර ඝාතනය කෙරුණේ, කොල්කටා නගරයේ රජයේ ‘ආර්.ජී. කාර්’ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි 31 හැවිරිදි සිසුවියකි. ඇගේ සිරුර හමුවූයේ වෛද්‍ය විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක් තුළදීය. තරුණියගේ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඇය ඝාතනය වීමට පෙර අතවරයට ලක් වුණු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගටම පැවැත්වෙන අතර එක් සැකකරුවකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය වෛද්‍යවරුන්ගේ විරෝධය දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site