ඉන්දීය මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට බහුතර බලයක් හිමිකරගත් භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂත නරේන්ද්‍ර මෝඩි අද පක්ෂ නායකයන් හමුවී නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
නව රජයක් පිහිටුවීම සහ මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීම ලබන 31 වැනිදාට පෙර සිදුවනු ඇත. ඇතැම් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ දිවුරුම් දීම අනිද්දා (20) සිදුවනු ඇති බවය.
ගංගා නම් ගඟේ පිරිසුදු බව රැකීමට ද නව නායකයා බරනැස සිය ආසනයේ උත්වසකය දී පැවසීය. ගංගා නම් ගං තෙර ඒ උත්සවය පැවැතියේය.
ඉන්දීය මහ මැතිවරණයෙන් බහුතර බලයක් හිමිකර ගැනීමට සමත්වුණු භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂන නරේන්ද්‍ර මෝඩි ඊයේ (17) ජනතා හරසර මැද නවදිල්ලි අගනුවරටය පැමි‚යේය.
නවදිල්ලියේ භාරතීය ජනතා පක්ෂ කාර්යාලයට මෝඩි රැගත් විජයග්‍රාහී රිය පෙරහැර ගමන් කරද්දී මඟ දෙපස රැස්ව සිටි දහස් ගණනක් දෙනා එය වට කරගත්හ. දිල්ලි වැසියෝ මෝඩි හැඳින්වූයේ 'ගුජරාටයේ සිංහයා' යන නමිනි. දිල්ලිය කලක් කොංග්‍රස් බලකොටුවක් ලෙස පැවැති‚.
භාරතීය ජනතා පක්ෂ කාර්යාලයට පැමි‚ මෝඩි පිළිගැනීම සිදුවුයේ රෝසමල් පෙති ඉසිමිනි. එම අවස්ථාවට පක්ෂ නායක රාජ්නාත් සිං සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායිකා සුෂ්මා ස්වරාජ් ද පැමිණ සිටියහ.
මෝඩි භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායක ලාල් ක්‍රිෂ්ණා අද්වානී හමුවට ගොස් ඔහුට වැද ආශිර්වාද ලබා ගැනීම ද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
මහ මැතිවරණය පැවැත්වූයේ ඉන්දීය ලෝක් සභාවේ ආසන 543 ක් සඳහා ය. කිසියම් පක්ෂයක් ජයග්‍රහණය කිරීමට නම් ආසන 272 කඩඉම් සීමාව පසු කළ යුතුව තිබු‚.
මෙවර මහ මැතිවරණයේ දී ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වුණු භාරතීය ජනතා පක්ෂ, තනිවම මෙම කඩඉම් සීමාව පසු කළේය. භාරතීය ජනතා පක්ෂය පමණක් ආසන 282 දිනා ගැනීමට සමත් විය.
භාරතීය ජනතා සන්ධාන ගතව සිටී. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යනුවෙන් හැඳින්වෙන මෙම සන්ධානයට තවත් පක්ෂ 28 ක් එක් වී සිටී. එම සහායක පක්ෂ සමඟ භාරතීය ජනතා පක්ෂය හිමිකර ගත් ආසන සංඛ්‍යාව 339 ඉක්මවයි. මෙය ඉන්දීය පාර්ලිමේන්තුවේ අති බහුතර බලයකි. ඒ අනුව, ඉන්දියාවේ පිහිටුවන ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂයට හැකියාව ලැබී ඇත.
අගමැති අපේක්ෂකයා ලෙස නම් කරද්දී 63 හැවිරිදි මෝඩි, ජාතික තලයේ නායකත්වයට අවශ්‍ය සියලූම සුදුසුකම් සපුරා තිබුණු පරිපූර්ණ දේශපාලනඥයෙක් විය. ගුජරාට ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස ඔහු වසර 13 ක් කළ සේවය අතිමහත් ය. ගුජරාටයේ සිදුවුණු දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය පසුපස සිටින නියමුවා ඔහු ය. ඔහු ගුජරාටයේ ආර්ථීකය දියුණු කළේය. දිළිඳුකම දුරුකරලීමට කි්‍රයා මාර්ග රැසක් ගත්තේය. ව්‍යාපාර ක්ෂේත්‍රය දියුණු කළේය. වසර 13 ක් තිස්සේ ඔහුට ගුජරාට ප්‍රාන්ත මහ ඇමැති ධුරය හෙබවීමට ජන වරම් හිමිවූයේ එහෙයිනි.
2002 වසරේ, ගුජරාටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළි‚. එහිදී 1,000 කට වැඩි මුස්ලිම්වරු පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. මුස්ලිම්වරුන්ට එරෙහිව හින්දු ජාතිකයන් 'උසි ගැන්නුවේ' මෝඩි බවට චෝදනා එල්ල විය. මෝඩි හින්දු ජාතිකවාදියෙකි. 2002 වසරේ සිදුවුණු එම ආගමික ගැටුම් මුල්කොට ගනිමින් මෝඩිගේ ප්‍රාන්ත රජයේ ඇමැතිවරු කිහිප දෙනෙක් වරදකරුවෝ වූහ. මෝඩි ඔහුට එල්ල වූ චෝදනාවලින් නිදොස් විය.
අගමැති ධුරය බාර ගැනීමෛන් පසු මෝඩි ගුජරාට මහ ඇමැති ධුරයෙන් සමු ගැනීමට ද නියමිත බව වාර්තා වේ. මෝඩි දිවුරුම් දීම නව රජයක් පිහිටුවීම මේ මස 31 වැනිදාට පෙර සිදුවනු ඇත.
මෙවර මැතිවරණයේදී උත්තරකාන්ද්, උත්තර ප්‍රදේශ්, රාජස්ථාන්, පුඩ්ඩුචෙරි, නාගලන්තය, මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ කර්ණාටක යන ප්‍රාන්තවල බහුතර බලය හිමිවුණේ භාරතීය ජනතා පක්ෂයටය.
මනිපූර්, මිසෝරාම් ප්‍රාන්තයේ බලය සම්පූර්ණයෙන්ම කොංග්‍රසයට හිමිවිය.
බටහිර ඛෙංගාලයේ බලය තහවුරු කර ගැනීමට ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂය සහ එහි නායිකා මෙන්ම මහ ඇමැතිනිය ද වන මම්තා ඛෙනර්ජී සමත් වූවාය. ති්‍රණමූල් කොංග්‍රසය දිනා ගත් ආසන සංඛ්‍යාව 34 කි. කොංග්‍රසය ආසන 2 ක් දිනා ගත් අතර භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන දෙකක් පම‚.
තමිල්නාඩුවේ බලය තහවුරු කර ගැනීමට ජයලලිතාගේ ඒ.ඩී.රම්.කේ. පක්ෂය සමත් විය. ප්‍රාන්තයේ ආසනවලින් ඔවුන්ට හිමුවුණු ආසන ගණන 37 කි. භාරතීය ජනතා පක්ෂයට හිමිවුණේ ආසන 2 කි. කොංග්‍රසයට කිසිදු ආසනයක් දිනා ගැනීමට නොහැකි විය.
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියා නායකයා ගංගානම් ගඟත් සුරකී
සෙනරත් Thursday, 22 May 2014 02:24 PM
කමල් , එතකොට අර කළු පටි ඉනේ බැඳගෙන සුදු පාටින් සැරසිලා ඉන්න කොටින්ට නම් "අපිත් හින්දු" කියල කියා ගන්ට බැරි වෙනවා. මේ දින වල ඒ ගොල්ල වෙනත් දහම් ගැටයක් සොයමින් සිටිනවා ඇති.(අ)
නුවන් Monday, 19 May 2014 11:48 AM
මෝදි මහත්තයා මොලේ තියෙන කෙනෙක්.(නදී)
කමල් Monday, 19 May 2014 02:00 PM
දැන් නාකි කොටි සහ ඩයස්පෝරාව කියයි අපිත් හින්දු කියලා.(නදී)