IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දීය ජනපතිවරණයට ගාන්ධි මුණුපුරාගේ නමත්

ඉන්දීය ජනාධිපතිවරණය ලබන ජූලි 18 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම මේ වනවිට ආරම්භ වී ඇත.

ඉන්දියානේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රස්’ පක්ෂය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් මහත්මා ගාන්ධිතුමන්ගේ මුණුපුරු 77 හැවිරිදි ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධිගේ නම යෝජනා කර ඇති නමුත්, ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි පවසා ඇත්තේ තමන්ට වඩා සුදුස්සකු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවය.

ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි කෘතහස්ථ දේශපාලනඥයෙකි. ඔහු දකුණු අප්‍රිකාවේත් ශ්‍රී ලංකාවේත් ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය ද හෙබවීය.

ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධිට අමතරව, විපක්ෂ කණ්ඩායම් ජාතික කොංග්‍රස් පක්ෂයේ සභාපති ෂරාද් පවර් සහ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිවරයකු වන ෆාරුක් අබ්දුල්ලාගේ ද නම් ජනාධිපති ධුරය සඳහා යෝජනා කර ඇති නමුත් ඔවුන් දෙදෙනා ද එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ නව ජනාධිපති තෝරා ගැනීමේ ක්‍රියාවලිය පසුගිය ජූනි 15 වැනිදා ආරම්භ වුණු අතර එය ලබන ජූනි 29 තෙක් පැවැත්වෙයි. ජනාධිපති තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුව තුළය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඉන්දීය ජනපතිවරණයට ගාන්ධි මුණුපුරාගේ නමත්

sam Wednesday, 22 June 2022 07:04 AM

ලංකාවේ නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම නූගත්, මැරවරයෙක්, කප්පම් කාරයෙක්, කුඩ්ඩෙක්, පාතාලයෙක්, කොමිස් ගහන්නෙක්, මිනීමරුවෙක්, රාජ්‍ය දේපළ, සල්ලි අවභාවිතා කරන්නෙක්, මිරිස් කුඩ්ඩෙක්, හොරට විභාගය පාස් කරපු නීතීඥයෙක්, ෂෝ කාරයෙක්, සුදුසු නම් නැතිවුණත් බලෙන් හරි ඉල්ලන්න තමයි බලන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site