IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉන්දීය ජනාධිපතිවරණය අද

ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය.

ද්‍රෞපදී මුර්මු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති අතර, යෂ්වාත් සිං නියෝජනය කරන්නේ, එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ය.

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ඉන්දීය දේශපාලනඥයකු මෙන්ම ගුරුවරියකි. ඇය භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවකි. ඇය ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සුදුසු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

2015 සිට 2021 තෙක් ජර්කාන්ද් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය හෙබවූයේ ද්‍රෞපදී මුර්මු ය. ඇය ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන නායිකාවකි. මුර්මු ජනාධිපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත් වන ප්‍රථම ගෝත්‍රික කාන්තාව වන්නේ ඇයයි.

84 හැවිරිදි යෂ්වාන් සිංහා නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොංග්‍රසයයි. සිංහා, භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙකි. 1990 සිට 1991 වසර තෙක් කාලයේත් 1998 සිට 2002 ජූලි මාසය දක්වාත් සිංහා ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ අග්‍රාමාත්‍ය චන්ද්‍ර ෂෙකර් සහ අතල් බිහාරි වජ්පායි අග්‍රාමාත්‍යවරුන් යටතේය.

2002 සිට 2004 තෙක් කාලයේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ ද යෂ්වාන් සිංහා ය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

අද (18) පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම එලැඹෙන 21 වැනිදා සිදුවනු ඇත.

අග්‍රාමාත්‍යවරයාට වැඩි බලතල ඇතත්, ඉන්දීය ජනාධිපතිවරයා යනු ඉන්දීය ජනරජයේ රාජ්‍ය නායකයා ය. ජනාධිපතිවරයා, ඉන්දීය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ආකෘතික නායකයා වන්නේ ද ජනාධිපතිවරයාය. ඊට අමතරව, ඉන්දියානු සන්නද්ධ හමුදා සේනාධිනායකයා ද වන්නේ ජනාධිපතිවරයාය. ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකහි (ලෝක් සභාව සහ රාජ් සභාව) මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් ද ඇතුළත් ඡන්ද පීඨයක් මගිනි.

ඉන්දීය ප්‍රාන්ත විසි නවයක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝ එම ඡන්ද පීඨයට ඇතුළත් වෙති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය ජනාධිපතිවරණය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site