IMG-LOGO

ඉන්දියාවේ හිරු ගවේෂණ යානය අද පෘථිවියෙන් යනවා

(ලුසිත ජයමාන්න)

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (2) හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ.

‘ආධිත්‍යා එල් 1’ යනුවෙන් නම් කළ එම යානය, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙන්, අද (2) උදෑසන 11.50 ට පෘථිවි කක්ෂයට යැවීම සිදුවනු ඇත.

‘ආධිත්‍යා එල් 1, යානය හිරු අසලට නොයයි. යානය, හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ රඳවා තැබෙන බවත්, එහි සිට හිරු ගවේෂණය සිදු කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පැහැදිලි කර තිබේ.

‘ආධිත්‍යා එල් 1’ ගවේෂණ යානය, ‘එල් 1’ යනුවෙන් හැඳින්වෙන්නේ, හිරු සහ පෘථිවිය අතර පිහිටි ‘එල් 1’ ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.

ඉන්දීය විද්‍යාඥයන්, ‘ආධිත්‍යා එල් 1’ යානය නිපදවීම ආරම්භ කළේ 2008 වසරේදීය. යානය නිපදවීමට වැය වී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 378.53 ක් බව පැවැසෙයි. ‘ආධිත්‍යා එල් 1’ යානය කිලෝ ග්‍රෑම් 400 ක් බරය.



අදහස් (1)

ඉන්දියාවේ හිරු ගවේෂණ යානය අද පෘථිවියෙන් යනවා

Bunny Preena Saturday, 02 September 2023 09:45 AM

බොහොම සීඝ්‍රෙයන් හැම අංශයකින්ම දියුණුවන රටක්... රටට ආධාර කරන දේශපාලනඥයින් සහ ජනතාව ඉන්නාවූ රටක අනාගතය සුබයි. අපි සැවොම එම තත්වය ළඟාකර ගැනීමට මහන්සි වී වැඩ කරමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site