IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දියාවේ සූකර උණ හිස ඔසවයි

ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 700 දක්වා ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ සිට වසංගත  තත්වය දෙගුණවී ඇති බවත් දැනට මෙම රෝගය ආසාදිතයින් 11000 ට වඩා සිටින බවත් වාර්තාවී තිබේ.

සූකර රෝගය මර්ධනය සඳහා අවශ්‍ය ඖෂධ නිසි ආකාරයෙන් බෙදා හැරීමට ඉන්දීය රජය අපොහොසත් වී ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.

ඉන්දීය සෞඛ්‍ය බලධාරින් පවසන්නේ රෝගිනට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් ලෙස බෙදා හැර ඇති බවයි. ඒ අතර බොහෝ ඉන්දියානුවන් මෙම රෝගයෙන් වැලකී සිටිමට අවශ්‍ය රෝග නිවාරණ  ක්‍රම භාවිතා කරමින් සිටිති.

ඉන්දියාවේ උතුරු දිග ප්‍රාන්තයක් වු රාජස්තාන් හි මෙම රෝගය වඩාත් දැඩි ලෙස පැතිර තිබේ.

ඉන්දීය සෞඛ්‍ය බලධාරින් මෙම රෝගයෙන් මහජනතාව වැළකීසිටීමට අවශ්‍ය පූර්ව උපදෙස් ගුවන් විදුලි සහ රූපවාහිනි වැඩ සටහන් මගින් දැනුවත් කරමින් සිටී. ඉන්දීය සෞඛ්‍ය ඇමති ජේ.පී.නඩ්ඩා විසින් සූකර උණට ප්‍රතිකාර සඳහා  ඖෂධ හිඟකම ගැන පලවෙන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ඖෂධ වට්ටෝරු ඉදිරිපත් කලවිට ඖෂධ නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරණ ඖෂධ ගබඩා ඇත්නම් ඒ  පිලිබඳ බලධාරින් දැනුවත් කරණ ලෙසයි. ඒ අනුව එවැනි නිලධාරින්ට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග ගණ්නා බවද ඇමති වරයා පවසා තිබේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙම රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි. එමෙන්ම මෙම රෝගය ගැන සෞඛ්‍ය බලධාරින් නිරන්තර අවධානයෙන් සිටින බව ද හෙතෙම පවසා තිබේ.

විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ වඩාත් තදින් මෙම රෝගය මේ දිනවල පැතිර යාමට හේතුව වන්නේ සීත සෘතුවේ පවතින දැඩි සීතල තත්වය බවයි.



අදහස් (0)

ඉන්දියාවේ සූකර උණ හිස ඔසවයි

සුරාන් Monday, 23 February 2015 05:47 AM

ඉස්සරට වැඩිය ඉන්දියාව අපිට ආදරේ හින්දා ඕකත් නිකම්ම ඒවිද දන්නේ නැහැ.(හේ)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 02:47 AM

අපිත් දැන්මම සුදානම්වීම සෞඛ්‍යයට හිතකර වේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site