IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රන්ගාබාද් හි සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටි පුද්ගලයන් මතින් දුම්රිය ගමන් කර ඇතැයි බලධාරීහු පවසති. 
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අගුලු දමා ඇති ඉන්දියාවේ නගර වල සේවය කරන කම්කරුවන් බොහෝ දෙනකු දුම්රිය මාර්ග ඔස්සේ පයින්ම තම ගම්බිම් කරා ගමන් කරන බවත් එලෙස ගමන් කිරීමේදී වෙහෙසට පත් පිරිසක් දුම්රිය මාර්ගයේ නිදාගෙන ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

මියගිය කම්කරුවන් පිරිස සැතපුම් 22ක් පමණ ඇවිදීමෙන් පසු විවේක ගැනීමට තීරණය කර ඇති අතර දුම්රිය ධාවනය නොවන බවට උපකල්පනය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළවී ඇත.

නගර වසා දැමීම හේතුවෙන් බොහෝ කම්කරුවන්ට ආහාර පාන මිලදී ගැනීමේ ගැටලු ඇතිවී තිබෙන බවත් ඔවුන් ගම්බිම් කරා ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් පැවසේ.

ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් මුහුණ දී තිබෙන දුක්ඛිත තත්ත්වය සම්බන්දව බොහෝ දෙනා කෝපය පලකර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ රන්ගාබාද් හි සිදුවූ මාරක රිය අනතුරින් ජීවිත අහිමි වීම සම්බන්දව තමා අතිශයින් ශෝකයට පත්ව ඇති බවයි.

සීමාවන් ලිහිල් කිරීමත් සමග ගම්බිම් බලා යන සංක්‍රමණිකයන්ට විශේෂ බස්රථ හා දුම්රිය ලබාදෙන බව ඉන්දීය රජය නිවේදනය කර තිබේ.


(බීබීසි ඇසුරිණි - 085)





  



අදහස් (3)

ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මරුට

chandima Friday, 08 May 2020 01:09 PM

පව්. ඉතාම කණගාටුයි. එහෙත් අපේ වගේ කුළුණක් තිබුනානම් වෙනපාටක් දාලා ලයිට් පත්තු කරන්න තිබුනා.

:       44       351

SarathFriday, 08 May 2020 03:50 PM

අපිට කුළුණක් තියෙන එක ඔයාට අවුල් වගේද?

:       0       0

de silva berlin Saturday, 09 May 2020 02:11 AM

අපට උඩින් ඇවිත් පරිප්පු දමන්න.. හඳට රොකට් යවන්න.. ඩොලර් කෝටි ගණනක් වියදම් කරමින් IPL ගහන්න ඉන්දියාවට පුළුවන් වුණාට, අවතැන් වුණු කම්කරුවට නිවාසවලට යන්න, වැසිකිලි පහසුකම් සැපයීම වැනි ප්‍රාථමික සුභ සාධනයක් පුරවැසියාට සලසන්න ඉන්දියාවට බැරිවෙලා, යුරෝපය, ජපානය, ඇමරිකාව වැනි රටවල් දියුණුවෙලා තිබෙන්නේ ඔවුන් මුලින්ම තම රටේ කම්කරුවන්ගේ සහ මධ්‍යම පාන්තිකයින්ගේ ආර්ථිකය, අධ්‍යාපනය, ප්‍රවාහනය, පුරවැසි අයිතිවාසිකම් ශක්තිමත් කර පුරවැසියාගේ ජීවන තත්වය උසස් කිරීම නිසායි... ඉන්දියාවේ, චීනේ, ලංකාවේ අපට එම මට්ටමට යන්න බැරි.., මෙම රටවල කොපමණ ධනස්කන්ධයක් ලැබුණත් ඒවා භුක්ති විඳින්නේ, දේශපාලකයන්, නිලධාරීන් සහ ධනපති පන්තියේ සුළුතරයක් වීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 470 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 313 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 472 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site