ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිරුවානාපුරම් ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් තේරීපත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කේරළයේ මෑතකදී පැවති නාගරික මැතිවරණයෙන් ඇය ජය ලැබුවාය.
ඇය ප්‍රතිවාදී කොන්ග්‍රස් අපේක්ෂකයාට වඩා ඡන්ද 549ක් ලබාගෙන තිබේ. තිරුවානාපුරම් යනු කේරළ ප්‍රාන්තයේ විශාලතම නගර සභාවයි.
ආර්යා රාජේන්ද්‍රන් නම් මෙම සිසුවිය එරට බිහි වූ ලාබාලතම නගරාධිපතිනය වන බව NDTV රූපවාහිනී සේවය වාර්තා කර තිබේ.
ඇය ඕල් සෙන්ට්ස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයෙන් උපාධිය හදාරන දෙවන වසරේ ශිෂ්‍යාවකි.
ආර්යා රාජේන්ද්‍රන් මහත්මිය ප්‍රථම වරට ඡන්දය භාවිතා කර ඇත්තේ ද මෙම මැතිවරණයේ දී ය.
"මගේ පවුලේ අය මට පූර්ණ සහයෝගය ලබාදුන් අතර මගේ ජයග්‍රහනය සම්බන්දව ඔවුහු අතිශය සතුටට පත්ව සිටිති. මම මගේ අධ්‍යයන කටයුතු නවත්වන්නේ නැතැ. මම එය දිගටම කරගෙන යන්නෙමි. උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය පරිපානය හැදෑරීමට මට අවශ්‍යය." ආර්යා පවසයි.
(එන්ඩීටීවී ඇසුරිණි)
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය
චිනතක Tuesday, 29 December 2020 01:43 AM
ඉන්දියාවේ චන්දදාසලාත් ලංකාවේ වගේම දුරදිග කල්පනා නොකරන පිරිසක් කියලා පැහැදිලි වෙනවා...
Bamunuarachchi Tuesday, 29 December 2020 12:12 PM
ඔක වැඩක්ද? ලංකාවෙ කොළඹ නගර සභාවෙ ත්‍රිරෝද රියදුරෙක් නගරාධිපති වුණේ...
BamunuarachchiWednesday, 30 December 2020 02:08 AM
ඇයි මොකද ඩිස්ලයික් දාන්නේ? ඒ කාලේ ඉපදිලා හිටියේ නැද්ද?