ඉන්දියාවේ නැගෙනහිර ජාර්කාන්ද් පළාතේ මාවෝවාදී ගරිල්ලන් විසින් එල්ල කල ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් පස්දෙනකු මියගොස් ඇත.
වෙළඳපොලක මුර සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වෙත මෙම ප්‍රහාරය එල්ල වූ බව සඳහන් වේ.
බටහිර බෙංගාල පළාත් මායිම ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
පසුගිය මාසයේදි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් 15දෙනෙකු කැරළිකරුවන්ගේ බිම් බෝම්බ ප්‍රහාරයකට ලක්ව මියගියහ.
මාවෝවාදී ගරිල්ලන් දශක ගණනාවක සිට ඉන්දීය ආරක්ෂක අංශ වලට විරුද්ධව කැරළි ගසමින් සිටින අතර ඔවුන් පවසන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් කරන බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ මාවෝවාදී කැරළිකරුවෝ පොලිසියේ පහක් ඝාතනය කරති