IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ බසයක් ගිනි ගනී-20ක් මරුට

ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයේ කනවුජ් දිස්ත්‍රික්කයේ මාර්ගයක ගමන්ගත් බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටී ගිනිගැනීම හේතුවෙන් 20දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
බස් රථයේ 46දෙනකු ගමන් කර ඇති අතර ඉන් 25දෙනකු බේරාගෙන රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
 
රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති බවත් බස් රථය ෆරුක්කාබාද් සිට ජායිපූර් බලා ගමන් කරමින් තිබියදී ඩේවර් මාජ් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවත් සඳහන් වේ.

ගිනි නිවන රථ තුනක් අනතුර වූ ස්ථානයට කැඳවා ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ඔවුන්ට විනාඩි 40ක පමණ කාලයක් ගතවී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි. 
 
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය මගීන්ගෙන් පිරී තිබුණු බවත් ඔවුන් නින්දේ පසුවූ බැවින් ගින්නෙන් බේරීමට නොහැකිවී ඇති බවත් පැවසේ. එම අවස්ථාවේ රථයේ කවුළු  සියල්ල ද වසා තිබී ඇත.
 
මියගිය අයගේ සිරුරු දැඩිලෙස පිළිස්සී ඇති හෙයින් ඔවුන් හඳුනාගැනීම පවා අසීරු වී ඇති බවත් ඒ සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් අධිකරණ වෛද්‍යවරු පවසති.
 
සිද්ධිය සම්බන්ව ඉන්දීය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
(ඉන්ඩියා ටුඩේ ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාවේ බසයක් ගිනි ගනී-20ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site