IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්දියාවේ පවුලක් පණ පිටින් වැළලෙති

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වනරසී නගරය ආසන්න ඩුල්හිපර් ගමේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එකම පවුලේ 13 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලිසිය පවසා ඇත්තේ කඩා වැටුණේ ඉදිකිරීම් කරමින් පැවති ගොඩනැගිල්ලක් බවයි. එහි බිම් මහලේ පවුලේ සියළු දෙනා තද නින්දේ පසුවන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි. 

දොළොස් දෙනකු සුන්බුන්වලට යටවී මියගොස් සිටි අතර එක් අයකු රෝහල්ගත කිරීමෙන් පසු මියගියේය. අනතුරින් තිදෙනකුගේ දිවි බේරිණි.

විදෙස් මාධ්‍ය පවසන්නේ පසුගිය කාලයේ මෙවැනි අනතුරු ගණනාවක් ඉන්දියාවේ සිදුව ඇති බවයි. ගොඩනැගිලි ඉදිකිරීමේ දි අනුගමනය කරණ ප්‍රමිතීන්වල පවතින  අඩුපාඩු මෙයට හේතුව බව විශේෂඥ මතයයි.

පසුගිය වසරේ ජූලි මාසයේදී චෙන්නායි නගරයේ තට්ටු 11 කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් 61 ක් දෙනෙක් මියගියහ.



අදහස් (0)

ඉන්දියාවේ පවුලක් පණ පිටින් වැළලෙති

රෝයි Tuesday, 17 February 2015 04:09 PM

නිවාස ඉදිකිරීමට ලංකාවට පුහුණු ශ්‍රමිකයන් ඉන්දියාවෙන් ගේනවා කියලා පසුගිය දිනක පුවත්පතක පළවී තිබුනා නේද? (නි)

:       0       0

සුජාන් Tuesday, 17 February 2015 10:04 AM

මනෝජ් - හරියට හරි. මේ රටේ වැඩි හරියක් රිය අනතුරු සිද්ද වෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත වාහන වලින්. බොරුනම් විශ්ලේෂණයක් කරලා බලන්න. (නදී)

:       0       0

සරත් Wednesday, 18 February 2015 01:06 AM

ලංකාවේ කොහොමටත් තියෙන්නේ ඉන්දියන් වාහන තමයි.අනිත් එක අනතුරට බොහෝවිට හේතුවන්නේ එය පදවන්නා වගකීම නොසළකා හැරීමයි. නැතුව වාහනය නිෂ්පාදනයේ දෝෂ නෙමෙයි. (නි)

:       0       0

මනෝජ් විජේරත්න Tuesday, 17 February 2015 04:45 AM

ඉන්දියාවේ නිෂ්පාදිත වාහනයක් මිලදී ගැනිමේදීත් මේ ගැනත් හිතන්න. (නදී)

:       0       0

කුමාර Tuesday, 17 February 2015 11:49 AM

කවදා අපේ අය මේක තේරුම් ගනියිද දන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site