අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (4) ලක්ෂ 65 ඉක්මවා ගියේය.
අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 75,829දෙනකු හඳුනාගැනුණු අතර ඒ අනුව එරට නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 65,49,373ක් දක්වා ඉහළ ගියේය.
මේ වනවිට ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 9,37,625ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 55,09,966කි.
ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 1,01,782කි.
ලොව තෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනි තැන පසුවන්නේ බ්‍රසීලයයි.
ඉන්දියාව තුළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ මාසය බවට පත්වූයේ සැප්තැම්බර් මාසයයි. සැප්තැම්බර් මාසයේ දී දිනපතා වාර්තා වූ නව කොරෝනා වයිරස මරණ ගණනේ සාමාන්‍ය 1,100ක් විය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 65 ලක්ෂය පනී