දේශපාලන, වෙළෙඳ, ආර්ථික, ආරක්ෂාව, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්, ඉන්දියාව සහ නවසීලන්තය අතරේ ගිවිසුම් කීපයකට අත්සන් තැබුණි.
ගිවිසුම් අත්සන් තැබීම සිදුවූයේ නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයු කරන වින්ස්ටන් පීටර්ස් පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණි අවස්ථාවේදීය. වින්ස්ටන් පීටර්ස් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි.
ඉන්දියාව යනු උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් මිතුරු පාර්ශ්වයක් බවත් වින්ස්ටන් පීටර්ස් පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණවල සහයෝගීතාව සම්බන්ධයෙන් ද වින්ස්ටන් පීටර්ස් සහ ඉන්දීය විදේශ ඇමැතිවරයා අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාව නවසීලන්තය ගිවිසුම් රැසකට අත්සන් තබයි