IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරයක ඇලකට වැටී 6ක් අතුරුදන්

 
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගල් අඟුරු බලාගාරයක අළු ගෙනයන ඇල මාර්ගයකට වැටී පුද්ගලයන් හය දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
 
 ඇලේ බැම්මක් කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති අතර පසුගිය වසරක කාලය තුළ දිස්ත්‍රික්කයේ සිදුවූ මෙවැනි ආකාරයේ තෙවැනි සිදුවීම මෙය බව සඳහන් වේ.
 
 මෙලෙස මියගොස් ඇත්තේ ගම්වැසියන් පස්දෙනකු සහ බලාගාරයේ සේවකයෙකි.
  
ගල් අඟුරු දහනය කිරීමේදී අතුරු ඵලයක් ලෙස නිපදවෙන මෙම අළු කිලෝමීටර් හයක පමණ දුරක් ඇල මාර්ගය ඔස්සේ ගෙනයයි.
  
රිපයන්ස් පවර් සමාගමට අයත් එම කම්හලට එරෙහිව පාරිසරික නීති රීත් වලට අනුකූලව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
 
 බැම්ම කැඩීයෑමට හේතුව අනාවරණය වී නොමැති අතර සමාගම පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)​



අදහස් (0)

ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරයක ඇලකට වැටී 6ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 485 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site