IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාවේ කොරෝනා විකෘතිය එන්නත්වලින් අඩපණ කරන්න බෑ

ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘතිය, දැනට භාවිතයට ගන්නා ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් මර්දනය කළ නොහැකි යැයි සැකයක් පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දියානුවන්ට මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දෙයි. ඒ, පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවා ඇති ‘කොවැක්සින්’ එන්නතය.

ඉන්දියාවේ ආසාදිතයන් හිටිහැටියේ යළි ඉහළ යමින් පවතින්නේ මෙම ද්විත්ව විකෘති කොරෝනා ප්‍රභේදය නිසාදැයි යන්න සම්බන්ධයෙන් ඉන්දීය මහජන සෞඛ්‍ය පර්යේෂකයන් අතරේ බියක් සහ සැකයක් පවතී. ඔවුන් අනුමාන කරන්නේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නතට හෝ ‘කොවැක්සින්’ එන්නතට හෝ මෙම නව ද්විත්ව විකෘති ප්‍රභේදය අඩපණ කළ නොහැකි බවය.

“වයිරස විකෘති වෙනවා. එයයි වයිරසවල ස්වභාවය. සියයට සියයක් සාර්ථක එන්නතක් නිපදවීමට හැකියාවක් නැත්තේ ඒ නිසයි. ඉන්දියානුවන් අතරේ පැතිරෙමින් පවතින බව පැවැසෙන්නේ, විකෘතිකරණයට ලක් වුණු වයිරස දෙකක එක්වීමක්. මෙය බිහිසුණු තත්ත්වයක්. ඒත් අසාමාන්‍ය තත්ත්වයක් හෝ පුදුමයට පත්විය යුතු තත්ත්වයක් නොවෙයි. ඉන්දීය විද්‍යාඥයන් මෙම ද්විත්ව විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට පර්යේෂණ පවත්වනවා. ද්විත්ව විකෘතිය සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරි දිනවලදී දැනගන්න ලැබේවි’ යැයි ඇමෙරිකාවේ ලුවිසියානා විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ජෙරමි කමිල් පැහැදිලි කර තිබේ.

නවදිල්ලියේදීය (රොයිටර්)



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා විකෘතිය එන්නත්වලින් අඩපණ කරන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site