ලබන වසරේ ජූලි මාසය වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 250 ත් 300 ත් අතර පිරිසකට පළමුවෙන් එම වෛරසය සඳහා නිෂ්පාදනය කරන එන්නත ලබාදීමට සැලැසුම් කර ඇත.
ඒ් අනුව වයස අවුරුදු 65 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, වයස අවුරුදු 50 ත් 65 ත් අතර වයසේ පසුවන්නන්ට සහ නිධන්ගත රෝගවලින් පෙළෙන වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ට මෙහිදී ප‍්‍රමුඛතාව හිමිවේ.
මිලියන 30 ක පමණ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය සාමාජිකයින් සහ ඉදිරි පෙළ සේවකයින් ද එන්නත ලබාදෙන එම පිරිසට ඇතුළත් වේ.
එන්නත් මාත‍්‍රා මිලියන 500 ත් 600 ත් අතර ප‍්‍රමාණයක් මෙහිදී ලබාදීමට නියමිතය.
වෛසරයේ අවදානම වැඩියෙන්ම පවතින පිරිස මේ සඳහා තෝරා ගැනීම සිදුවේ.
එන්නත කඩිනම් භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමෙන් පසු සහ අදියර තුනක සායනික පර්යේෂණවල ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පොදු ජනතාව සඳහා එය භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
ඉන්දියාවේ සෙරම් පර්යේෂණ ආයතනය මෙම එන්නත නිපදවනු ලබයි.
එය එන්නත් නිපදවීමේ ලොව විශාලතම ආයතනය වේ.
-226-
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ට ලබන වසර මැද වන විට එන්නත්